Colombo Today Local News

කසළ තේ කිලෝ 5000ක් කසළ තේ බලකොටුවේදී අල්ලයි.

sunde obseverප්‍රවාහනය කරමින් තිබූ කසළ තේ කිලෝ පන්දහසකට වැඩි ප්‍රමාණයක් ගම්පොල නගරය ආසන්නයේ දී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

මෙම කසළ තේ තොගය බදුරලියේ සිට උඩුනුවර වෙළම්බොඩ දක්වා ප්‍රවාහනය කරමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.  එම කසළ තේ තොගය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පොල, උඩුනුවර, දවුලගල, වෙලම්බොඩ, වටදෙනිය යන ප්‍රදේශ කෙන්ද්‍රකරගනිමින් කසල තේ ජාවාරම දැවැන්ත ලෙස ක්‍රියාත්මක වන අතර ඇතැම් විට නීතියේ ආධිපත්‍යය ද ඉක්මවා යන තරමටම ජාවාරම්කරුවන් බලවත් වී ඇති බවයි පැවසෙන්නේ.  ඊට ආසන්නතම අදාහරණයක් ලෙස මීට කලකට පෙර කසල තේ සැකසුම් කරමින් සිටි ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවක දී ජාවාරම්කරුවන් විසින් සංවිධානාත්මකව දවුලගල පොලීසියේ නිලධාරීන්ට පහර දී පොලිස් ජීප් රථයක් ගිනි තැබීම දක්වා තත්වය බරපතල වී තිබිණි.  

තතුදත් ආරංචි මාර්ග සදහන් කරන අන්දමට දවුලගල, වෙළම්බොඩ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් බොහෝ පිරිසක් ස්වයං රැකියාවක් ලෙස  පවුල් පිටින් කසළ තේ සැකසීමේ ව්‍යාපාරයේ යෙදී සිටින බව පැවසේ.  මහා පරිමාණ ජාවාරම්කරුවන් හරහා ශ්‍රී ලංකාවේ තේ නිශ්පාදනවලට ඇති ජාත්‍යන්තර කීර්ති නාමය විනාශ කර තේ වෙළදපොළ බිදවැට්ටවීම සදහා සූක්ෂම මාෆියාවක් ක්‍රියාත්මක වන බව කලකට පෙර බුද්ධි අංශ විසින්ද හෙළිදරව් කරගෙන තිබිනි.  ශ්‍රී ලංකාව සමග තරගකාරීත්වයේ සිටින ඇතැම් රටවල්ද මේ පිටුපස ක්‍රියාත්මක වී ඇතිබවද රට තුළ මෙම මාෆියාව ක්‍රියාත්මක වන්නේ මුස්ලිම් ජාතික ජාවාරම්කරුවන් කෙන්ද්‍ර කරගෙන බවද හෙළි විය.

නමුත් ඇතැම් ප්‍රදේශ කේන්ද්‍රකරගෙන එළිපිටම ක්‍රියාත්මක වූ කසළ තේ මාෆියාවට වැට බැදීම සදහා අදාල අංශ ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ තේ නිශ්පාදනවල කීර්තිනාමය හානිවීම හේතුවෙන් මිළ පහල යෑම නිසා තේ කර්මාණ්තය මුහුණ දී සිටින වත්මන් අර්බුධය නිර්මාණය වීමට හේතු වූ බවයි තේ කර්මාන්තය ආශ්‍රීත ආරංචි මාර්ග සදහන් කරන්නේ.

Related posts

වැඩ බලන ඇමැතිවරු 05ක් පත් කරයි

colombotoday

දැඩි උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

පාස්කු ප්‍රහාරය : රාජකාරිය පැහැරහැරී කටාන පොලිස් බුද්ධි අංශ සැරයන් ගෙදර යවයි

Admin

‘රැට්ටා’ ඇතුළු පිරිසකගේ උද්ඝෝෂණයක් වළක්වාලමින් අධිකරණ නියෝගයක්

colombotoday

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

Admin

බෝරා ප්‍රධානියා 36 දෙනෙකුගෙන් යුත් පිරිවරක් සමගින් ශ්‍රී ලංකාවට

colombotoday