Colombo Today Local NewsTop Stories

එජාප ව්‍යවස්ථාව අනුව රනිල්ගේ නායක්වය අහෝසියි… ඔහු මියයන තුරු නායකත්වයේ ඉන්න හදනවා…

එක්සත් ජාතික පක්ෂයේ නායක ධූරය වසර තුන හමාරක් ඉක්ම යාමට පෙර කැඳවූ හදිසි මහමැතිවරණයත් සමගම අහෝසි වී ගිය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

මේ බව එත්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලිව එහි වගන්තින්හි සටහන් වන බව පෙන්වා දෙන හිටපු මහ ලේකම්වරයා එක්සත් ජාතික පක්ෂ‍යේ නායකධූරය වසරක් පාසා සිදු කළද, 1997 දී කතරගම පැවැති එක්සත් ජාතික පක්ෂ මහ සම්මේලනයේ දී එම තත්ත්වය වෙනස් කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය යාවජීව තත්ත්වයට ගෙනා බවත් ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ යාවජීව නායකයා බවට පත් වූ බවත් පෙන්වා දෙයි.

යාවජීව නායකත්වය වෙනස් කිරීමට නම් නායකත්වය දරන පුද්ගලයා මිය යාම සිදුවිය යුතු බව පෙන්වා දුන් ඒ මහතා පැවැති එම තතත්ත්වය සම්බන්ධයෙන් පක්ෂයෙන්ම මතුව ආ බලවේග හා විරෝධතාවලට අනුව වසර 2010දී එම තත්ත්වය වෙනස් කරමින් වසරක් පාසා නායකයා තේරීම සිදු කළ බව ද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක ධූරයේ නිලකාලය වසර හයක් හෝ මහ මැතිවරණයක් දක්වා පවතින බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම වසර 2012 දී තීරණය කළ බව පෙන්වා දෙන හිටපු මහලේකම්වරයා ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක ධූරය වසර හයක් ගත වී යාමට පෙර 2018දී මහ මැතිවරණයක් කැඳවීම තුළින් වසර තුන හමාරක් තුළ දී අහෝසි වී ගිය බවත් පෙන්වා දෙයි.

මුල් කාලයේ පක්ෂයේ නායක ධුරය වාර්ෂිකව පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කරමින් ඒ බව මහ සම්මේලනයක දී ප්‍රකාශයට පත් කිරීම සිදු කළ බව පෙන්වා දෙන තිස්ස අත්තනායක මහතා එම තත්ත්වය වසර 2012දී වෙනස් කළ බවත් කියා සිටියේය.

මේ තත්ත්වය හේතුවෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරය පිපිරීමකට ලක්ව ඇති බවත් තත්ත්වය කෙසේ වුවද දැවැන්ත පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගැනීමට නම් ව්‍යවස්ථාව හොඳින් දන්නා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා මේ තත්ත්වය අවබෝධ කරගත යුතු වන බව ද පෙන්වා දෙයි.

Related posts

පුද්ගලික පාසල් 400කට කැබිනට් අනුමැතිය… අධ්‍යාපනය පෞද්ගලීකරණය තවත් පියවරකින් ඉදිරියට…

colombotoday

මා පැමිණියේ බහු ජාතික, බහු ආගමික ජාතියක් වෙසෙන ශ්‍රී ලංකාද්වීපයෙන් – අගමැති ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුව අමතයි

colombotoday

රත්‍රං මිල ඉහළට

Admin

කිහිපදෙනෙක් එක්ව 24 හැවිරිදි තරුණයෙක් ඝාතනය කර‍යි

Admin

විමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි

Admin

ආනයනික කිරිපිටි මිල පහළට

Admin