Colombo Today Local News

කිහිපදෙනෙක් එක්ව 24 හැවිරිදි තරුණයෙක් ඝාතනය කර‍යි

මිදිගම පොලිස් වසමේ පාතගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබේ.

ඊයේ (11)රාත්‍රී කාලයේ දී මේ පිළිබඳ පොලීසියට පණිවුඩයක් ලැබුණු බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

පහරදීමෙන් මියගොස් ඇත්තේ, 24 හැවිරිදි තරුණයෙකි.

ඝාතනයට හේතුව අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් කිහිපදෙනෙක් පැමිණ ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12)දින පැවැත්වීමට නියමිතය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිදිගම වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනයට අද සිට අවසර

colombotoday

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday

අර්ජුන මහේන්ද්‍රන්ගේ ‍තවත් ගැහිල්ලක් හෙළිවෙයි. BOI සභාපතිව සිටිය දී මිලියන ගණන් යටිමඩ ගහලා

colombotoday

උණුකරගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් බීමට ගන්න

colombotoday

ගුවන් සමාගමෙන් තෙල් සංස්ථාව ඩොලර් ඉල්ලයි

colombotoday

ලෝකෙන්ම එකයි.. හිටපු රාජ්‍ය නායකයාට හමුදා ආරක්ෂාව දුන්නු එකම ජනපති මමයි

colombotoday