Colombo Today Local News

විමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයකදී මාර්ගය හරස් කිරීමට එරෙහි නඩුවට පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (19)දින වරෙන්තු නිකුත් කර තිබේ.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ විමල් වීරවංශ චෝදනා ලබා සිටී.

පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පළමුවන විත්තිකරු වශයෙන් නම් කර සිටින විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී සිට නොමැත.

මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන වීරකුමාර දිසානායක මහතා ද අධිකරණයේ පෙනී නිසිට ඇති අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Related posts

බල්ගේරියා තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ලංකාවට සමු දෙයි

Admin

රනිල්ට නොතීසි

colombotoday

මේ කොවිඩ් තත්ත්වය තුළදි මැතිවරණයක් තියන්න බෑ. – ඇමති ඩලස්

colombotoday

වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්න – අද සිට කොළඹින් පිටටත් ගෑස්

colombotoday

විවාහක රූ රැජිණ කිරුළ ගලවා ගත් කැරොලයින් ගැන සංවිධායක මණ්ඩලය කණස්සල්ලෙන්. ජාත්‍යන්තරයෙන් තීරණයක් ?

colombotoday

හෙට සිට නැවත්ත් උෂ්ණත්වය ඉහලට

Admin