Colombo Today Local News

ඉඩම් නැති අයට ඉඩම්, ගෙවල් නැති අයට ගෙවල්, විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප්,

1446718330ranilok1ලක්ෂ තිහක පිරිසක් සදහා සින්නක්කර ඉඩම් හා නිවාස ලබා දීමට රජය කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.  එක්සත් ජාතික පෙරමුණු රජයේ මධ්‍ය කාලීන් ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් අද (5) පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා මේ බව පැවසීය.

වසර දහයකට වඩා බලපත් ලාභි ඉඩම්වල රැදී සිටින අයටත්, වසර දහයකට වැඩි කාලයක් කුලී නිවාස වල සිටිනා අයටද එම දේපළවල හිමිකාරීත්වය ලබා දෙන බවද මෙහිදී ප්‍රකාශ විය. රැකියා දශලක්ෂයක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙලට දේශීය හා විදේශීය ආයෝජකයන් එක්කර ගැනීමේ අංග සම්පූර්ණ වැඩ පිළිවෙලක් ඇති බවත් වසර පහකදී රැකියා දශ ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ආයෝජන සදහා වන සියලු බාධක ඉවත් කරන බවද අගමැතිවරයා පැවසීය.

ඊ.ටී.එෆ් සහ ඊ.පී.එෆ් අරමුදල් එකතුකරන නව අරමුදලක් පිහිටුවන බවද විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක මිළදී ගැනීම සදහා අඩු පොලී යටතේ ණය පහසුකම් ලබා දෙන බවද, සෑම විශ්වවිද්‍යාලයකටම වයි-ෆයි පහසුකම ලබා දීමට කටයුතු කරන බවද අගමැතිවරයා සිය ප්‍රකාශයේ දී සදහන් කළහ.

Related posts

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

colombotoday

ලබන මස 01 වනදා සිට ත්‍රීරෝද රථ නියාමනයට සැලසුම්

colombotoday

හොර පාරෙන් ගිය රත්තරන් කිලෝ 8ක් කල්පිටිය කලපුවේදී අල්ලයි

Admin

බණ්ඩි පොහොර අලෙවිට උපරිම සිල්ලර මිලක්

Admin

පී.සි ට පහරදුන් වැලිඅමුනේ හිටපු ප්‍රා.ස.මන්ත්‍රීට වැඩ වරදී

Admin

පොහොට්ටුවේ 2020 ජනපති අපේක්ෂකයා ගෝඨාභයයි.. ග්‍රීන්කාඩ් පුරවැසිභාවයට ආයුබෝවන් කියා මව් බිමට පාතබයි

colombotoday