Colombo Today Local News

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 273 ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහනය සඳහා එක් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.
ඒ, ගාලු මුවදොර පිටියේදී ය.

එම බස්රථ දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ඇති.

බිඳ වැටී තිබූ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා නව රජය බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය සීමා කරනු ලැබූ අතර ඒ හේතුවෙන් මගී ප්‍රවාහනය සඳහා අවශ්‍ය බස්රථ හිඟයක් ඇති වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

ඊට පිළියමක් ලෙස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය තුළින් බස්රථ ආනයනය සඳහා වැය වන විනිමය ඉතිරි කර ගැනීමට හැකිව තිබේ.

ඩිපෝ 107 ක ඉවත් කර තිබූ බස්රථ 273 ක් මේ යටතේ අලුත්වැඩියා කර ඇති අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 115 කි.

ශ්‍රී ලංකා පොදු ප්‍රවාහන සේවක සමිතියේ පූර්ණ සහය ඇතිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝ හා ලක්දිව ඉංජිනේරු සමාගම ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මකයි.

Related posts

සයිටම් ගැටළුවට ජනපති විසදුමක් දෙයි.. සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

colombotoday

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් කඩ සාප්පු විවෘත කිරීමට අවසර නෑ

colombotoday

බොදු බලේ මුලතිව් යයි. TNA තර්ජණ හමුවේ උන් හිටිතැන් අහිමිවූ වූ සිංහල වැසියෝ හැඩු කදුලින් දුක කියති

colombotoday

වත්මන් රජය ජනතාව මුලා කරමින් සිටිනවා.. නැවත ත්‍රස්තවාදයක් ඇති නොවෙන්නට කල යුතුදේ සජිත් කියයි

colombotoday

මාස 4ක බිළිඳා ප්‍රාණ ඇපයට ගෙන ‍රන් පවුම් 12ක් කොල්ල කාලා

Admin