Colombo Today Local News

බණ්ඩි පොහොර අලෙවිට උපරිම සිල්ලර මිලක්

බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් ලබා දී තිබේ.

මේ වනවිට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතින අතර යුරියා පොහොර ද සියලුම ගොවි සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ හේතුවෙන් යුරියා පොහොර හා බණ්ඩි පොහොර මිටියක් රුපියල් 9000ක් වශයෙන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි අමාත්‍යාංශය කියයි.

Related posts

අනුර කුමාර ස්වීඩනයට

Admin

ලංගම බස් රියදුරෙකු කොන්දොස්තරවරයා මරා දාලා

Admin

සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන 100 කදී ඇරඹේ

Admin

පැය 24 ක් තුලදී 663ක් අත්අඩංගුවට

Admin

අලුත් ආණ්ඩුවේ ඇමති ධුර බාර ගන්නේ නෑ

colombotoday

ඩයනා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

Admin