Colombo Today Local News

කැබිනට්, රාජ්‍ය ඇමතිලා 30 කට යනෙන මං නැතිවෙයි

wim+gossip-lanka (1)

අමාත්‍යාංශ සඳහා ගොඩනැඟිලි සොයාගත නොහැකිව කැබිනට්‌ සහ රාජ්‍ය ඇමැතිවරු තිහකට ආසන්න සංඛ්‍යාවක්‌ දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටින බව ආණ්‌ඩුවේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

මෙම ඇමැතිවරු සියලු දෙනා තම අමාත්‍යාංශ පිහිටුවීම සඳහා ගොඩනැඟිලි සොයන්නේ කොළඹ නගරය තුළින් වීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශ සඳහාම ඉදිකළ බත්තරමුල්ල සෙත්සිරිපාය නව ගොඩනැඟිල්ල ද කල් තියා සමහර ඇමැතිවරුන් විසින් වෙන්කරගෙන ඇති නිසා සෙසු ඇමැතිවරුන්ට එහි ඉඩකඩ නොමැති බව ද ඉහත ප්‍රකාශකයා කීවේය.

බොහෝ ඇමැතිවරුන් කොළඹ හා ඊට ආසන්නව තම අමාත්‍යාංශ ආරම්භ කිරීම සඳහා සොයන්නේ පුද්ගලික ගොඩනැඟිලි බව ද ඒ සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමක්‌ මෙතෙක්‌ කර නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර අමාත්‍යාංශවලට විෂයයන් පැවරීම සම්බන්ධයෙන් කැබිනට්‌ ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර ද මේ වන විට ගැටුම් නිර්මාණය වී තිබෙන බව ඔහු පැවසුවේය.

කැබිනට්‌ ඇමැතිවරයා විසින් අදාළ අමාත්‍යාංශ යටතේ ඇති වැදගත් විෂයයන්, ආයතන සහ මණ්‌ඩල ඔවුන් යටතට පවරාගෙන ඇතැයි ද තමන්ට කිසිදු වගකීමක්‌ ලබා දී නැතැයි ද රාජ්‍ය ඇමැතිවරු චෝදනා කරන බව ද කී හෙතෙම ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන්ට හිමි වාහන පවා කැබිනට්‌ ඇමැතිවරුන් විසින් පවරාගෙන ඇතැයි ද කීය.

මේ නිසා රාජ්‍ය ඇමැතිවරු ගණනාවක්‌ දැඩි කලකිරීමකින් යුතුව පසුවන බව ද කැබිනට්‌ ඇමැතිවරුන් විසින් පවත්වන පුවත්පත් සාකච්ඡා සඳහා ද රාජ්‍ය ඇමැතිවරුන්ට කැඳවීමක්‌ නොකරන බව කීය.

Related posts

ඥානසාර හිමි හැකි ඉක්මනින් නිදහස් කරනවා – ජනපතිගෙන් භික්ෂූන් වහන්සේලාට පොරොන්දුවක්

colombotoday

හිංදුන්ගේ ගැටළු රැගෙන ශ්‍රී ලංකා හිංදු සම්මේලනය මහනායක හිමි බැහැදකියි.

colombotoday

“මේ ආණ්ඩුව ආනිසා ප්‍රජාතන්ත්‍රවාදය තියනවා.. දැන් අපට ඕන දේ කරන්න පුළුවන්“ – විග්නේෂ්වරන්

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල රු. 343 කින් වැඩි කරයි

Admin

ඇමති මණ්ඩලය විසින් සිදුකරන්න යන දේශද්‍රෝහි ක්‍රියාවක් මෙන්න

colombotoday

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන්න කෘෂිකර්ම ඇමති ඉල්ලයි

colombotoday