World

ආසාදිතයකුට රහසින් ප්‍රතිකාර කළ උස්බෙකිස්තානු වෛද්‍යවරයෙකුත් මියයයි

කොරෝනා වයිරස රෝගියෙකුට රහසිගතව ප්‍රතිකාර කළ උස්බෙකිස්තාන වෛද්‍යවරයෙකු කොරෝනා රෝගය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.
 
මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි වෛද්‍යවරයෙකි.
 
මෙම වෛද්‍යවරයා රෝගය ආසාදනය වීමෙන් පසු පවසා ඇත්තේ තමා උස්බෙකිස්තානයේ පළමු ආසාදිතයාට ප්‍රතිකාර කළ බවයි.
  
මාර්තු 26 දින වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය බරපතල වී ඇති අතර, රෝහල් ගතකර දින දෙකකට පසුව මියගොස් ඇත.
 
ඔහු කොරෝනා රෝගයෙන් එරට මියගිය දෙවන පුද්ගලයා වෙයි.
 
උස්බෙකිස්තානයේ මේ වනවිට වයිරස ආසාදිතයන් 104ක් තහවුරු කරගෙන ඇත.
 
එහි සියලුම පළාත් වසා දමා පුරවැසියන්ට නිවෙස්වලින් පිටවීම තහනම් කර තිබේ.

Related posts

ලෝක වෙළඳපොලේ රන් මිල පහතට

colombotoday

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

මහ රැජිණගේ මෘත දේහය බකිංහැම් මාලිගයට

colombotoday

විවිධ පුද්ගල නීති අනුගමනය කිරීම ජාතියේ සමගියට හානියක්. – රජය මහාධිකරණයට දන්වයි. – ඉන්දියාවේත් එකම නීතියක් සම්මතවෙන ලකුණු

colombotoday

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

colombotoday

යටත් විජිතවාදයට එරෙහිව සටන් කළ අප්‍රිකානු නායකයෙක් අභාවප්‍රාප්ත වෙයි

colombotoday