Colombo Today Local News

ආර්ථික විද්‍යාව ගැන මා සමග විවාදයකට එන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට මං අභියෝග කරනවා.

ආර්ථික විද්‍යාව ගැන තමන් සමග විවාදයකට එන ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට තමන් අභියෝග කරන ලෙස සමගි ජන බලවේග නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා එ බැව් කියා සිටියේ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සසංක සම්පත් සංජිව මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා නාවලපිටිය පෞද්ගලික ශාලාවක පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමට එක්වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ,

වතු ක්ෂෙත්‍රයේ ජනතාව ඉතාමත් දුක්ඛිත ජිවිතයක් ගත කරන්නේ, සමගි ජන බලවේග රජයක් තුල ඔහුන්ට අපේ යුතුකම් ඉෂ්ඨ කරනවා.

වතුකරයේ ජනතාව හැමවේලාවෙම හිටියේ අප සමග, පසුගිය ජනාධිපතිවරණයේදි අපිට විශාල ජන්ද ප්‍රමාණයක් ලබා දුන්නා.

අපි පොරොන්දු වුණා වතු කම්කරුවෙකුට දිනකට දිරි දිමනා ඇතුළුව රු.1500 ලබා දෙන්න.

වත්මන් රජය වතු කම්කරුවන්ට රු.1000 වැටුප ලබා දෙන්න ඕනි , වැටුප ලැබුණද?

අපි වතු ජනතාවට රු.1500 වැටුප ලබා දෙනවා.

වත්මන් රජය සමෘද්ධි ලාභින්ගේ වරප්‍රසාද කප්පාදු කරන්න කටයුතු කරනවා, සමෘද්ධි ලාභින් දහසය ලක්ෂයට සමෘද්ධි මුද්දරය ලබා දිලා නැ.

මැයි මාසයේ ලබා දුන් සහනාධාරය සමෘද්ධි ලාභින් පවුල් වලින් අය කරන්න මේ රජය කටයුතු කරනවා.

මැයි මාසයේ සහ අප්‍රේල් මාසයේ සමෘද්ධි ලාභින්ට රු.5000 දිමනා දෙකක් දුන්නා, දැන් එවායින් පන්දහසක් ආපසු අය කර ගන්න යනවා.

සමෘද්ධි ලාභියට ලැබිය යුතු මුදල් ආපසු අපි ලබා දෙනවා. සමෘද්ධි ලාභින් ආරක්ෂා වෙන්නේ ජාතික සමගි ජන බලවේගයෙන් පමණයි.

රටේ ආර්ථික ගැටළුවක මුහුණ දිලා අහස උසට ජිවන වියදම, පාලකයින්ට මේ බඩු මිල ගැන තේරෙන්නේ නැ.

මොකද ආහාර පාන වලට ඒ අයට වියදමක් නැ, ආණ්ඩුව සප්පායම් වෙන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්.

අද ආණ්ඩුව නන්නත්තාර වෙලා තියෙන්නේ.

අපිට කිව්වේ කොරොනාව පරාජය කරපු ආණ්ඩුව කියලා, එහෙනම් මොකක්ද මේ දෙවනි රැල්ල?

එතකොට කොහොමද මේ රජය කියන්නේ කොරොනාව පරාජය කරා කියලා.

මම පාර්ලිමේන්තුවේදි මේ කොරොනා අවධානම ගැන කතා කලා, එතකොට අපිට කිව්වේ චිනය තරහා කරගෙන බැ කියලා.

අපි කිව්වා හොදම මුව ආවරණ බෙදා හරින්න කියලා, අපිට කිව්වේ මුව ආවරණ වලින් වැඩක් නැ කියලා .

ආණ්ඩුවයි, මහ බැංකු කල්ලියයි දෙගොල්ලොම රටේ ජනතාවගේ මුදල් වලින් සප්පායම් වෙන අය.

යමෙකුට දෙයක් දෙනවා කිව්වම එ අය කියන්නේ අපෝ ඕවට සල්ලි නැ කියලා.

එ වුනා තමන්ට කොමිස් ගහන්න, වංචා කරන්න, අමු අමුවේ මහ දවල් මහ බැංකුව මංකොල්ල කන්න ඒවා පුළුවන්.

මහ ජනතාවට බොරු කරපු ආණ්ඩුව සිල වන්තයෝ වගේ අහනවා කොහොමද විසිදහස දෙන්නේ කියලා.

ආර්ථික විද්‍යාව ගැන අංශු මාත්‍රයක්වත් නොදන්න කෙනෙක් තමයි මුදල් ඇමති වෙලා පාලනය කරන්නේ.

ආණ්ඩුවට කොන්දක් නැ කියපු දේවල් කරන්න.

යුනිසෙෆ් එකෙන් කියනවා අපේ රටේ 30% කට ආහාර පාන නැ කියලා, මොකක්ද ආණ්ඩුව අරන් තියෙන ක්‍රියාමාර්ගය?

ආණ්ඩුව සුදානම් වෙනවලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපන්න, රාජ්‍යය සේවකයින් ගෙදර යවන්න.

ඒවා කරන්න වෙන්නේ නැ, අපි මහ මැතිවරණයෙන් මුළු රටම දිනනවා.

මෙම අවස්තාවට සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද සහභාගි විය.

Related posts

රනිල් යටතේ 40%යි, සජිත් යටතේ 24%යි – සජිත් මෙහෙයවූ ඇල්පිටියෙන් එජාපය දැවැන්ත පසුබෑමක

colombotoday

තර්ජණයට පත් උතුරේ සිංහල වැසියන්ගෙන් ජනපතිට ඉල්ලීම් 8ක් !

colombotoday

අද සිට පාසල් ළමුන් ප්‍රවාහනයට සිසු සැරිය බස් රථ 1400ක්..

colombotoday

ඉන්ධන මිල සූත්‍රය මමත් දැකලා නෑ – ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක

colombotoday

මඩකලපුව සියොන් දේවාස්ථානයේ ප්‍රහාරයට යොදාගත් යතුරු පැදිය තිහාරියේදී අල්ලයි….

colombotoday

කෝටිපති ව්‍යාපාරිකයාගේ තරුණ පුතු දිවි නසා ගනී

colombotoday