Colombo Today Local News

මඩකලපුව සියොන් දේවාස්ථානයේ ප්‍රහාරයට යොදාගත් යතුරු පැදිය තිහාරියේදී අල්ලයි….

මඩකලපුව කතෝලික දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීමට පැමිණි බව කියන යතුරු පැදි දෙකෙන් ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් පොලිස් කණ්ඩායම් තුනක් ඒකාබද්ධව අද (28) දවස පුරා කරන ලද සෝදිසි මෙහෙයුමකදී එහි නිවසක සඟවා තිබියදී සොයා ගෙන ඇත.

රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට ලද තොරතුරකට අනුව නිට්ටඹුව පොලිසිය ගම්පහ බුද්ධි තොරතුරු ඒකකය හා නිට්ටඹුව පොලිස් නිල සුනඛ අංශය ඒකාබද්ධව අද දවස පුරා තිහාරිය ප‍්‍රදේශයේ මෙම යතුරු පැදිය සොයා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් සිදුකරනු ලැබීය. 

මෙදින පස්වරුවේ තිහාරිය ජුනයිට් මාවතේ නිවසක සඟවා තිබියදී යතුරු පැදිය එසේ සොයා ගෙන ඇත.

යතුරු පැදිය මුස්ලිම් ගම්මානයේ කුලී නිවසක සඟවා තිබූ බවද පොලිසිය කීය. යතුරු පැදියේ අංක තහඩුවද කෑලි 36 කට කපා සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් භාවිතා කළ යතුරු පැදි පහෙන් එකක් මෙම යතුරුපැදිය බවත්, මඩකලපුව කතෝලික දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සඳහා පැමිණි එක් යතුරු පැදියක් මෙය බවද රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය සනාථ කර ඇති බව නිට්ටඹුව පොලිසියේ ප‍්‍රකාශකයෙකු පැවසීය.

Related posts

එක්නැලිගොඩ නඩුවේ චෝදනා ලැබූ බුද්ධි අංශ නිලධාරීන් ඇප මත මුදාහරී

colombotoday

SAITM කියන්නේ සක්විත ගණයේ ආයෝජනයක් – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

බුද්ධි අංශ නිශ්ක්‍රීය වෙලා.. උතුරු නැගෙනහිර තත්ත්වය බරපලයි !

colombotoday

පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගන්න විදුලි බල මණ්ඩලය තීරණය කරයි

colombotoday

පෞද්ගලික රෝහලකදී හමුවූ අත්බෝම්බ සිද්ධියට තවත් සැකකරුවෙක් ජීව උණ්ඩ 18ක් සමග හසුවේ

colombotoday

වේදෙනිගම හිමි පැහැරගෙන ගොස් නෑ – පැවිදි ගුරුහිමියන් පවසති

colombotoday