Colombo Today Local NewsCovid 19

ආණමඩුවේ තරුණයාට තුන්වෙනි වරටත් කොරෝනා හැදුනේ කොහොමද?

චීනයේ වූහාන් කලාපයෙන් මතුවූ මාරාන්තික කොරෝනා වෛරසය ලොව පුරා සීග‍්‍රයෙන් පැතිර යන්නට විය. එහි ඇති භයානකත්වය සහ ව්‍යාප්තිය කෙතරම්ද යන්න ඉතා කෙටි කලකින් ලෝකයේ දස ලක්ෂ ඉක්මවා ජීවිත බිලිගත්තේය. ආසාදිතයන් කෝටිය ඉක්මවීය.
 
 ශ‍්‍රී ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා ඉකුත් මාර්තු මස එකොළොස් වන දින වාර්තා විය. ඒ සමඟම සෞඛ්‍ය අංශ වහා ක‍්‍රියාත්මක වී වෛරස ව්‍යාප්තිය වළක්වාලීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළේය. ආරක්ෂක අංශ ද ඒ සඳහා සහාය ලබාදෙමින් සෞඛ්‍ය අංශ සමඟ ගසට පොත්ත මෙන් බද්ධ වී පවතින අවදානම් තත්ත්වයට ඉතා සාර්ථකව මුහුණ දුන්නේය. නීතිය දැඩි ලෙස ක‍්‍රියාත්මක කරමින් නියමිත සෞඛ්‍ය ක‍්‍රම අනුගමනය නොකරන පුද්ගලයන්ට නීතිය දැඩි ලෙස ක‍්‍රියාත්මක කරමින් වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමට පවතින සියලූ ක‍්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ දිවා රාත‍්‍රී නොබලා සිය කාර්යභාරය මැනවින් ඉටුකළේය. ඉතා කෙටි කලකින් එහි සාර්ථකත්වයේ ප‍්‍රතිඵල අපට අත්විඳින්නට හැකි විය. සෙසු රටවල් හා සැසඳීමේදී ඉතාමත් අවම ආසාදිත හා මරණ සංඛ්‍යාවක් වාර්තා වෙමින් කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ලෝකයේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය. රජය එම ජයග‍්‍රහණයට මාධ්‍ය තුළින් විශාල ප‍්‍රචාරයක් ලබා දීමට කටයුතු කළේය.

ඇතැම් මාධ්‍යවල ප‍්‍රමුඛ ප‍්‍රවෘත්තිය බවට පත්විය. මෙවන් වාතාවරණයක් තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුගමනය නොකරන ජනතාවට දැඩි ලෙස අවවාද කළ, නීතිය ක‍්‍රියාත්මක කළ ආරක්ෂක අංශ ක‍්‍රමයෙන් එම නීති ක‍්‍රියාත්මක කිරීමට අවධානයක් යොමු කිරීමට උත්සාහ නොකළේය. ඇතැම් විට එය උසස් නිලධාරීන්ගේ නිහඬතාව නිසා විය හැකිය බොහෝ අයගේ මුඛ ආවරණය ක‍්‍රමයෙන් නිකටට සීමාවිය. බොහෝ දෙනා මුඛ ආවරණ පැළඳීම අමතක කළෝය, අතහැර දැමූහ. ආයතන පරිශ‍්‍ර තුළ ඇතුළු වන විට සිදුකළ දෑත් පිරිසිදු කිරීම් අමතක වූහ. ආයතනවල පාලනාධිකාරියද ආරක්ෂිත ක‍්‍රම සම්බන්ධව අවධානයක් යොමු නොකළහ. කොටින්ම බහුතරයක් කොරෝනා වෛරසය මුක්ත කලාපයක් බවට පරිවර්තනය වූ බව සිතා සුපුරුදු පරිදි රිසිසේ සිය ගමන් බිමන් ගියහ. විනෝද වූහ. කොරෝනා ජයග‍්‍රහණයෙන් දෙවන ස්ථානය හිමි කරගත් ශ‍්‍රී ලංකාව ගැන උදම් අනමින් රජය දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකළේය. කොරෝනා දෙවැනි රැල්ලත් මතුව වේ යැයි අනුමාන කළ ද රජය ඊට නිසි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකළේය. විදෙස් රටවල සිටි ලාංකිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කළේය. කොරෝනා ආසාදිතයන් එම පිරිසගෙන් හමුවුවත් සිවිල් සමාජයෙන් හමුවේ යැයි සැකයක් ඇති කර ගැනීමට තරම් නිමිත්තක් පහළ නොවූයේය. කොටින්ම සිවිල් සමාජයෙන් කොරෝනා වෛරසය හමු නොවන තරමට විශ්වාසයක් ගොඩනැගුණාහ.
 
anamadu2එවන් පසුබිමක් තුළ කොරෝනා දෙවැනි රැල්ලේ ප‍්‍රථම රෝගියා මිනුවන්ගොඩ ඇඟලූම් කම්හලෙන් වාර්තාවිය. ඒ ඉකුත් හතරවැනි දිනය. මෙම රෝගී කාන්තාවට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න තවමත් නොවිසිඳුණු ගැටලූවකි. බොහෝ දෙනා විවිධ මත පළ කළත් ඇය පළමුව වාර්තා වූ රෝගියා වූවාට ප‍්‍රථම ආසාදිත රෝගියා ඇය නොවන බවට සිදුකරන ලද සොයා බැලීම් වලින් බොහෝ දෙනාගේ විශ්වාසයයි. කෙසේ වෙතත් මෙම වෛරසය ව්‍යාප්ත වූයේ කෙසේද යන්න පිළිබඳ තවම නිශ්චිත නිගමනයකට පැමිණීමට අපොහොසත් වී ඇත. එම ඇඟලූම් කම්හලේ ආසාදිතයන් නවසීයකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති අතර ඔවුන්ගේ ආශ‍්‍රිතයන් හේතුවෙන් දිස්ත‍්‍රික්ක 16ක මෙම වෛරසය ව්‍යාප්ත වී හමාරය මේ වන විට ශ‍්‍රී ලංකාවෙන් එම වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කොරොනා රෝගීන් 1000 ඉක්මවා වාර්තා වී ඇත.
 
 මෙවන් පසුබිමකක තවත් එක් සුවිශේෂී සිදුවීමක් කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තා විය. ඒ තෙවැනි වරටත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හමුවීමය.
 
 ශ‍්‍රී ලංකාව තුළ තුන් වන වරට කොවිඞ් ආසාදිතයකු ලෙස වාර්තා වූ පළමු රෝගියා ඔහු බව සඳහන්. ආණමඩුව තෙන්නන්කුරියා ප‍්‍රදේශයන් හමු වූ 23 හැවිරිදි තරුණයකු වන මෙම පුද්ගලයා තුන්වන වරටත් කොවිඞ් ආසාදිතයකු ලෙස සනාථ වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඞ් මහතා පැවසීය.
 
 මෙසේ කොවිඞ් 19 ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින ශ‍්‍රී ලංකාවට පැමිණ පළමු වරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ආසාදිතයකු බවට තහවුරු වූ අයෙකි.
 
 මෙම තරුණයා වැලිකන්ද කොවිඞ් රෝහලින් ප‍්‍රතිකාර ලබා සිය නිවසට පැමිණ නැවත නිරෝධායනය වෙමින් සිටි ඇති බව සඳහන්.
 
 සිය මව සමග නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී දෙවන වරට නැවතත් රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු සැප්තැම්බර් 17 වෙන් දින අසනීපව සිටියදී හලාවත රෝහලේ කොවිඞ් ඒකකයට ඇතුළත් කර ඇත.
 
 එහිදී දෙවන වරට සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණ වලදී නැවතත් කොවිඞ් ආසාදිතයකු බව සනාථ විය.
 
 ඒ අනුව මෙම තරුණයා ඉරණවිල කොවිඞ් රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා නැවත යළි නිවසට පැමිණ නිසි නිරෝධායන ක‍්‍රමවේදයන් යටතේ ඔහු පදිංචි නිවස තුළ රඳවා නිරෝධායනයට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කර තිබූ අවස්ථාවක යළිත් ඔක්තෝබර් 2 වන සිකුරාදා නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී නැවතත් රෝග ලක්ෂණ පහළ වී හලාවත මහ රෝහලේ කොවිඞ් ඒකකයට යොමු කිරීමට සෞඛ්‍ය අංශය කටයුතු කළේය.
 
 එහිදී නැවත අදාළ තරුණයා පී. සී. ආර්. පරික්ෂණ වලට යොමු කිරීමෙන් පසුව තුන්වන වරට ද කොවිඞ් 19 ආසාදිතයකු ලෙස මෙම තරුණයා වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සනාථ කර තිබුණි.
 
 කෙසේ වෙතත් මේ වන විට ලැබෙන තොරතුරු අනුව ශ‍්‍රී ලංකාව තුළ තුන්වන වරටත් කොවිඞ් ආසාදිතයකු ලෙස වාර්තා වූ පළමු රෝගියා මෙම තරුණයා බවට වාර්තා වන බව ප‍්‍රදේශීය සෞඛ්‍ය බලධාරීන් පවසයි.
 
 ඔහු විදෙස්ගතවී ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය. එසේ නිවාඩුවට පැමිණි කොවිඞ් ආසාදිතයෙකු බවට හඳුනාගත් අවස්ථා තුනේදීම ඔහු ජීවත් වූයේ එකම නිවසේ සිය මව සමඟය. වයස අවුරුදු 44 ක් වූ එම මවට කොරෝනා රෝග ලක්ෂණ පහල නොවීම බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. ගොවිතැන් කර මහ පොළොව සමඟ පොරබදා ජීවත්වන ඇයගේ ප‍්‍රතිශක්තිකරණය ඉතා ඉහළ මට්ටමක පැවතීම මීට හේතුව බවද බොහෝ අයගේ විශ්වාසයයි. ඇය මේ වෙනකොට පී. සී. ආර්. පරීක්ෂණ කිහිපයකට ද ලක් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇයට කොවිඞ් 19 ආසාදනය වී නොමැති බවයි.

අමරනන්ද විජේසේකර – මහවැව

Related posts

ජනතා මුදල් තමන්ගෙ වගේ වියදම් කරන්න විලි ලැජ්ජාවක් නැද්ද මරික්කාර්?

colombotoday

“මහා පරාක්‍රමබාහුගෙන් පසු මේ රටේ කෘෂිකර්මය නගා සිටවූයේත් මමයි.. මට සලකනවා මදි’’ – එස් බී දිසානායක

colombotoday

එජාප තරුණ නායකත්වය විනාශ කිරීමේ මෙහෙයුමක්.. ජනපතිත් හවුල් – සුජීවගෙන් චෝදනා

colombotoday

මාතලේ පොළ වසා දමයි

colombotoday

ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ජෝන් සෙනවිරත්න රජයෙන් ඉල්ලයි

colombotoday

ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතුයි

Admin