Colombo Today Local News

අය වැය පරදා මහ ඡන්දයකට යනවා – මහින්ද

විපක්‍ෂයට සම්බන්ධ සියලූ පක්‍ෂ ඒකරාශී කරගෙන මෙවර අයවැය පරාජයට පත්කර මහ මැතිවරණයක් ලබා ගැනීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (11 වැනිදා) කියා සිටියේය.

මෙවර අයවැය පරාජය වන බව දෙමළ ජාතික සන්ධානය හොඳින් දැන සිටින බව පැවසූ රාජපක්‍ෂ මහතා ඔවුන්ගෙන් ඇතැමකු එක්සත් ජාතික පක්‍ෂයේ හුරතලූන් වී රජය ආරක්‍ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවද කීය.

දෙමළ පක්‍ෂ නායකයන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව රවටා ආණ්ඩුව සමග එකට කටයුතු කරන බව කියා සිටි මහින්ද රාජපක්‍ෂ මහතා රජය එම දෙමළ පක්‍ෂවල සහාය ලබාගෙන අයවැය ජයග‍්‍රහණය කිරීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බවද පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේ ඉදිරි අයවැය ඡන්ද විමසීමේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳව ‘දිවයින’ පුවත්පත කළ විමසීමකදීය.

Related posts

ඉහළ ගිය ඉන්ධන කෝටාව මෙන්න

Admin

වැල්ලවත්තේ කඩ පේළියක ගින්නක්

colombotoday

වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයක් කරන්න ඉල්ලා සුමන්තිරන් අධිකරණයට ?

colombotoday

ආණ්ඩුව ඒකාධිපති ගමනක.. මේ හදන්නේ සියදිවි නසාගන්නයි – අගරදගුරු

colombotoday

බඹරකැලේ නිවසක ගෑස් ලිපක් පිපිරෙයි

colombotoday

බන්ධනාගාරගත කළ ජේලර් කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයට

colombotoday