Colombo Today Local News

ඉහළ ගිය ඉන්ධන කෝටාව මෙන්න

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දමා තිබේ.

ඒ අනුව යතුරුපැදියක් සඳහා මෙතෙක් පැවැති ලීටර් 7ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ දමා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහා මෙතෙක් පැවැති ලීටර 15ක ඉන්ධන කෝටාව ලීටර 22ක් දක්වා ඉහළ දමා ඇත.

සාමාන්‍ය ත්‍රිරෝද රථයක් සඳහා ලබාදුන් ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ, ලීටර 14ක් දක්වායි.

ලීටර 30ක්ව පැවැති මෝටර් රථ ඉන්ධන කෝටාව ලීටර 40ක් දක්වා ඉහළ දැමුණි.

වෑන් රථයක් සඳහා ලබාදුන් ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ, ලීටර 30 සිට ලීටර 40 දක්වායි.

ඊට අමතරව ලීටර 60 ක්ව පැවැති බස් රථ සඳහා ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලීටර් 125 දක්වා ඉහළ දැමූ බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ලීටර 75ක්ව පැවැති ලොරි සඳහා වන ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා ඇත.

Related posts

මේ රට අදවන විට භාරකාරයෙක් නැති රටක් බවට පත් වෙලා…

colombotoday

මුදල් සංසරණයට නව කාසියක්

colombotoday

ප්‍රභාකරන්ට කරගන්න බැරිවුණු දේ සම්බන්ධන් ව්‍යවස්ථාවෙන් කරගනී !!

colombotoday

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියි

colombotoday

අටුළුගම දැරිය ඝාතනය : 29 හැවරිදි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

නෞකාවන්හි සේවය කළ ලාංකිකයන් පිරිසක් රැගෙන එයි

colombotoday