Colombo Today Local News

අනුබුදු මිහිදු මාහිමියන් පිරිණිවන් පා වසර 2228 යි… අනුස්මරණ උත්සවයට රාජ්‍ය අනුග්‍රහය දැක්වීම රජය ප්‍රතික්ශේප කරයි…

අනුබුදු මිහිඳු මාහිමිපාන් පිරුණුවන් පා වසර 2228 පිරීම සිහිකරමින් ත්‍රෛයිනිකායික මහා සංඝරුවනේ ප‍්‍රධානත්වයෙන් රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව මිහින්තලා රජමහා විහාරස්ථාන භූමියේ පැවත්වීමට සංවිධාන කළ මහා පුණ්‍ය උත්සවය පැවත්වීමට නොහැකි බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් වෙත දන්වා ඇති බව අනාවරණය විය.

ශ‍්‍රී ලංකාවේ බුදු දහම ප‍්‍රතිස්ථාපනය කළ අනුබුදු මිහිදු මාහිපාණන් සිහිකර අනුරාධපුර යුගයේ කිත්සිරි මෙවන් රජ සමයෙ අවසන්වරට පුණ්‍ය උත්සවයක් පැවත් වී ඇතත් ඉන් අනතුරුව අනුබුදු මිහිදු මාහිපාණන් වහන්සේ සිහිකරමින් කිසිදු රාජ්‍ය උත්සවයක් පැවත්වී නැති අතර මිහිදු මාහිපාණන් පිරිනිවන්පා වසර 2278 ක් ගතවන මේ මස (16) වනදාට යෙදෙන අටවක පොහොය දිනයේ පුණ්‍ය උත්සවය පැවත්වීමට කටයුතු සුදානම් කර තිබුණි.
ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය ජනාධිපතිතුමන් ඇතුළු රජයේ මැති ඇමතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මහා පුණ්‍ය උත්සව පැවත්වීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට සියලූම සාකච්ඡුා පැවත්වූ නමුත් ඊයේ (04)දිනයේ එම පුණ්‍ය උත්සවය පැවත්වීමට නොහැකි බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන මහතා අනුරාධපුර මහ දිසාපතිවරයාට දන්වා තිබෙන බව අනාවරණය විය.

පුණ්‍ය උත්සවය මිහිදු මාහිමියන්ගේ පාද ස්පර්ශවූ මිහින්තලා පුදබිමේදී පැවැත්වීමට මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර රාජකීය පණ්ඩිත ශ‍්‍රාස්ත‍්‍රපති වලවාහැංගුණවැවේ ධම්රතන නායක ස්වාමින්වහන්සේ සංවිධානය කර තිබුණත් එම උත්සවය අවලංගු කිරීමට අදාළ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.මේ සම්බන්ධයෙන් විහාරාධිපති වලවාහැංගුණ වැව ධම්ම රතන නායක ස්වාමින්වහන්සේගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී උන්වහන්සේ මෙසේ පැවැසූහ.

මහා පුණ්‍ය උත්සවය පැවත්වීම සදහා මා විසින් ත්‍රෙයිනිකායික නායක ස්වාමින්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට එදිනට මිහින්තලයට වැඩම කරන ලෙස දන්වමින් ආරාධනා කර තිබෙනවා. මේ මස 16 වනදා තමයි මිහින්තලා පූජා භූමිය කේන්ද්‍රකර ගනිමින් උත්සවය පැවත්වීමට සාකච්ඡා වට කිහිපයක් පැවත්වූයේ. මට හදිසියේම අනුරාධපුර මහ දිසාපතිවරයාගෙන් දැනගන්න ලැබුණා උත්සව තියන්නෑ කියලා අමාත්‍යාංශ අතිරේක ලේකම්තුමා දැන්වූවා කියලා.

කිසිම ප‍්‍රශ්නයක් නෑ උත්සවය යන වියදම් සියල්ල දරාගෙන මේ උත්සවය පවත්වනවා. කිත්සිරි මෙවන් රජතුමාගෙන් පසුව තමයි මේ උත්සවය පැවත්වෙන්නේ.අපේ රටට බුද්ධාගම දායාද උනේ.සංස්කෘතිය වර්ණවත් උනේ අනුබුදු මිහිදු හිමියන් නිසා. මහා වංශයේ සදහන් වෙනවා කිත්සිරි මෙවන් රජතුමා මිහිදු හිමියන්ගේ පිළිමය අතින් අරගෙන අනුරාධපුරයේ ඉදන් මිහින්තලයට පයින් ඇවිල්ලා ආපහු පිළිමය අරගෙන පා ගමනින්ම මිහින්තලයේ සිට අනුරාධපුරයට ගිහින් තියනවා කියලා.

මිහිදු සෑය උන්වහන්සේ වැඩපු ස්ථානය මිහිදු ප‍්‍රතිමාව උන්වහන්සේගේ ධාතුන්වහන්සේලා වැඩ සිටින ධාතූ මන්දිරිය ඇතුළු ස්ථාන මුල් කරගෙන කවුරු ආවත් නාවත් මම මේ උත්සවය පවත්වනවා” මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන මහතාගෙන් විමසීම සදහා ඇමතුමක් ලබා ගත්තත් ඒ සම්බන්ධයෙන් විමසූිවිට සාකච්ඡුාවක නිරතවී සිටින නිසා පසුව අමතන ලෙස දන්වමින් ඇමතුම විසන්ධි කළේය.

Related posts

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

Admin

මැතිවරණ අපේක්‍ෂකයන් 107ක් ප්‍රචාරක කටයුතුවල දී කොරෝනා නීති කඩලා

colombotoday

ඔත්තු දී වෙඩිකෑ තස්ලින්ට පොලිසියෙන් මුදල් පරිත්‍යාගයක්

colombotoday

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

දුම් සහතික ආදායමෙන් රු4500ක් ‘අක්බාර්ට සහ ලාෆ්ට’.. ආණ්ඩුවට 10% පමණයි.. කොමිස් කුට්ටිය කා අතටද?

colombotoday

රෝෂාන්ගෙ නම කීවාම සජිත් බයවෙනවා… රට බංකොලොත් කළේ විපක්ෂය

Admin