Colombo Today Local News

අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීමට පිටකොටුවේ තොග වෙළදසැල් විවෘත කරයි

නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවලට අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සඳහා පිටකොටුවේ තොග වෙළදසැල් ඊයේ (03)දින සිට විවෘත කර ආහාර බෙදා හැරීම විධිමත් කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ප්‍රදේශවල නිෂ්පාදන කොළඹට රැගෙන ඒම, ඒවා බෙදා හැරීම සම්බන්ධ ක්‍රමවේදය විධිමත් කර මහජනතාවට හිඟයකින් තොරව පාරිභොගික භාණ්ඩ පහසුවෙන් ලබාදීමට නියමිතය.

හතර වැනි හරස් වීදියේ අදාළ තොග කඩ මේ අනුව විවෘතව පවතින අතර, මීට අමතරව වේයන්ගොඩ, රත්මලාන, බෝකුන්දර සහ නාරාහේන්පිට වෙළෙඳ මධ්‍යස්ථාන සීමාවන් යටතේ විවෘත කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල සිට එළවළු, සහල් සහ වෙනත් නිෂ්පාදන ඒ ප්‍රදේශයේ අධිකාරීන් මගින් බලපත්‍ර ලබාගෙන කොළඹට රැගෙන ඒමේ හැකියාව පවතී. ඉන්පසු ඉහත තොග වෙළෙඳ මධ්‍යස්ථානවලින් ඒවා ලබාගෙන ඩිලිවරි සේවාවලට බෙදා හැරීමේ හැකියාව පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.

Related posts

පුරුෂ ශක්තිය හීන කර ස්ත්‍රී දූෂකයන් මට්ටු කරන්න වාසුගෙන් යෝජනාවක්

colombotoday

වව්නියාවේදී ජාතික කොඩිය ගලවා බිම දමා පාගයි…

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ අනු කමිටුව අද පළමු වරට රැස්වේ

colombotoday

දරුවන් දෙදෙනෙකු කෲරත්වයට පත් කළ මවක් අත්අඩංගුවට…

Admin

රජීව් ගාන්ධි ඝාතන සැකකරු ජීවිතකශයට

Admin

“එයා මැරුණේ උඩු මහලෙන් පැනලා.. අපි ගැහුවේ නෑ” පොලීසිය නිදහට කරුණු කියයි

colombotoday