Colombo Today Local News

හිටපු ජනපති MKDSගේ අවමගුලේදී මාධ්‍යවේදීන්ට පාඩමක් කියා දෙයි!

mahinda rajapaksha 23මරණ ගෙදර, මඟුල් ගෙදර හා දේශපාලන වේදිකාව තෝරා ගැනීමට කටයුතු කරන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගම්පහදී මාධ්‍යවේදීන්ට පැවැසීය.

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය. ඒ මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවද හිටපු ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Q ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ?

ඒක තමයි කිව්වේ අපේ කනගාටුව ප්‍රකාශ කරනවා.

Q ඔබතුමාගෙන් ඉවත්වෙලා ගිය නායකයෝ, මේ අයට ඔබතුමා සමාව දෙනවද? ඔබතුමා ළඟට ආවොත් බාරගන්නවද?

මේ මරණෙකදී ඔය ඔක්කොම කතා කරන එක වැරදියිනේ. මරණයකට ගරු කරන්න ආවම ඔයාලා දේශපාලන වශයෙන් වෙන ප්‍රශ්න අහන එක වැරදියි. දේශපාලන කතාවක් ඔය කරන්නේ. ඒක නිසා මරණ ගෙදර කියන එක තෝරගන්න, මඟුල් ගෙදර තෝරගන්න, දේශපාලන වේදිකාව තෝරගන්න.

Related posts

ඩුබායි සුද්දා අධිකරණයට

Admin

ජනාධිපතිවරණය කල්දැමීමේ කූට උත්සාහයට එරෙහි වෙනවා- ඩලස් අලහප්පෙරුම

colombotoday

තව්හිද් ජමාත් සංවිධානයට සන්නද්ධ පුහුණුව ලබා දුන් ආමි මුහදීන් අත්අඩංගුවට.

colombotoday

රජයේ වාහන 1592ක් විනාශ කිරීමට පියවර ගැනේ

colombotoday

සිමෙන්ති හිඟයක් ? වැඩි මිලට වික්කොත් වැඩ වරදී

colombotoday

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට එයි

colombotoday