Colombo Today Local News

ලොව පුරා ශාක පද්ධතිය මුහුණ පා ඇති අවධානම හඳුනාගත් විද්‍යාඥයින් බිය පළ කරයි

ලොවපුරා පිහිටි ශාක පද්ධතියෙන් 05 න් 02 ක් පමණ මේ වනවිට වඳවීමේ අවධානමකට මුහුණ පා ඇතැයි විද්‍යාඥයින් අනාවරණ කරනවා.

ශාක ප‍්‍රභේද එලෙස වඳවී යාමට බලපාන හේතු අතර ස්වභාවික හේතූන් හා මානව කි‍්‍රයාකාරකම් ප‍්‍රමුඛයි.

ශාක පද්ධතීන් එලෙස වඳවී යාමට පෙර, තවමත් ලොව පුරා සැගව තිබෙන නව ශාක විශේෂ නම් කිරීම සඳහා, කාලයට එරෙහි තරගයක නිරත වී සිටින බවයි විද්‍යාඥයින් පවසන්නේ. නව ශාක විශේෂ හඳුනාගෙන ඒවා නම් කිරීමට ගතවන කාලයටත් පෙර එම ශාක වඳවී යනු ඇති බවට විද්‍යාඥයින් බිය පළ කරනවා.

එබැවින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට ලෝක ප‍්‍රජාව වහාම පියවර ගත යුතු බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

වඳවීමේ අවධානමට මුහුණ පා ඇති ශාක අතරින් බොහෝමයකට මේ වනවිට වෛද්‍ය විද්‍යාව තුළ පවතින අභියෝග විසඳීමට හැකියාව තිබෙනු ඇති බවත්, ඒ අතර ලෝකය මුහුණ පා ඇති වසංගත තත්ත්වයන් සඳහා පිළියම් ද විය හැකි බවයි විද්‍යාඥයින් පැවසුවේ. ඒ අනුව මේ වනවිටත් ඖෂධ සඳහා භාවිත කෙරෙන ශාක වර්ග 723 ක් පමණ වඳවීමේ අවධානමට මුහුණ පා ඇති බව ද සඳහන්.

ආහාර සහ වෙනත් අවශ්‍යතා සඳහා ප‍්‍රයෝජනයට ගත හැකි ශාක 7,000 කට වඩා වැඩි ප‍්‍රමාණයක් ලොවතුළ පවතින නමුත් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින ලෝක ජනගහනය පෝෂණය කිරීම සඳහා භාවිතා කරනු ලබන්නේ ඉන් අතලොස්සක් පමණයි.

ලොව පුරා මිලියන ගණනකට ආහාර සැපයිය හැකි ශාක 2500 ක් පමණ පැවතිය ද ඉන් බඩ ඉරිඟු, උක්, සෝයා බෝංචි, පාම් වර්ග සහ තිරිඟු යන බෝග කිහිපයක පරිභෝජනය ඉහළ මට්ටමක පවතිනවා.

මෙම අනාවරණයන් සිදුකරමින් බි‍්‍රතාන්‍ය සකස් කෙරුණු වාර්තාව සැකසීම සඳහා ලොව පුරා රටවල් 42 ක් පමණ නියෝජනය වන පරිදි විද්‍යාඥයින් 200 දෙනෙකු පමණ සහභාගී වී සිටීම විශේෂත්වයක්.

Related posts

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin

අනියම් බිරිඳ සමග බහින්බස් වූ 71 පෙම්වතා ගිනි තබා ගනී

colombotoday

රනිල් හැර වෙනත් අයෙක් අගමැති කරන්නෑ – එජාපය ද්‍රවිඩ සන්ධානයට ලිඛිතව පොරොන්දු වෙයි…

colombotoday

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක්

Admin

TVS ලංකා සම්පූර්ණයෙන්ම ඉන්දියාව අයිතිකරගනී…

colombotoday

පූජා කරන්න ගෙනා බුදු පිළිමවලට මිලියන 3ක බද්දක් ! වරායෙන් නිදහස් කරගන්න බැරිවෙයි, උත්සවය නවතා දමයි !

colombotoday