Colombo Today Local News

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක්

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද (24)දින දිවයිනේ සියලු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරන්නේ, අද උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ් මහතා,

“සෞඛ්‍ය අමාත්‍යාංශය කුමන්ත්‍රණකාරීන්ට නතුවීම මෙම වර්ජනයට ප්‍රධාන හේතුව. අපේ ඉල්ලීම් 07ක් තිබෙනවා. දිවයින පුරා මෙම වර්ජන ක්‍රියාවලිය දියත් කරත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දායක වෙන්නේ නැහැ.”

Related posts

මාළිගාවත්තේ පාළු ලිදකින් කඩු, පිහි තොගයක් ගොඩගනී…

colombotoday

රතන හිමියෝ තෙවන දිනටත් අඛණ්ඩ උපවාසයේ !

colombotoday

චන්ද්‍රගුප්ත තේනුවර රටින් පිටවෙයි…

colombotoday

නව කතානායක අශෝක රන්වල?

Admin

ක්‍රීඩා ඇමති අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහි නඩුව හෙටට කල්යයි

Admin

සියලුම පළාත් පාලන ආයතන සඳහා ඉදිකිරීම් සම්බන්ධව එකම බලපත්‍ර ආකෘතියක්

colombotoday