Colombo Today Local News

සහරාන් සමඟ සබඳතා පැවැත්වු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙකු කහටගස්දිගිලිය සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවල දී ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

2018 වර්ෂයේ දි සහරාන් හසීම් ඇතුළු 05 දෙනෙකුට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු කහටගස්දිගිලිය මුකරියාව උපතැපැල් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අයෙකු වේ.

එමෙන්ම මඩකලපුව බන්ධනාගාර ගතව සිටි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 35 පුද්ගලයෙකු අන්තවාදි මත ප්‍රචාරය කිරීම හා සහරාන් හෂිම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්ඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Related posts

ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා !!

colombotoday

කිඹුලපිටියට කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු( Photo)

colombotoday

මහ කන්නයේ දී වගා හානි වූ ගොවීන්ට වන්දි

Admin

මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවෙනවායි අධ්‍යාපන ඇමති කළ ප්‍රකාශයට ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයෙන් පිළිතුරු

colombotoday

කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 80 කට ගිහින්

colombotoday

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසේ

colombotoday