Colombo Today Local News

මීමුරේ චාරිකාවක් ගිය පුද්ගලයෙක් අතුරුදන්

උඩදුම්බර පොලිස් වසමේ මීමුරේ ප්‍රදේශයේ ඇළක දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ.

ඊයේ (23) දහවල් කාලයේ දී අතුරුදන් වූ පුද්ගලයා තවත් පිරිසක් සමග විනෝද චාරිකාවක් සඳහා පැමිණ එම අනතුරට ලක්ව ඇති බවට පොලීසිය පවසයි.

එලෙස අතුරුදන්ව ඇත්තේ, 30 හැවිරිදි තිබිරිගස්කටුව, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු සිදුකරනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් උඩදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නොබෙල් සාම තෑග්ග ජනපතිගෙන් ගිලිහෙයි !!

colombotoday

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

colombotoday

අයවැයට සහය දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත සංශෝධනය කළොත් පමණයි – TNA පළමු කොන්දේසිය දමයි

colombotoday

ඇන්ටිජන් පරීක්ෂාවෙන් මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොවිඩ් බව තහවුරු වෙයි

colombotoday

ඇමතිවරු 20ක් අද දිවුරුම් දෙයි…

colombotoday

වෛද්‍ය රසායනාගාරයක වෙඩි තබීමක්

Admin