Colombo Today Local News

ඇමතිකමක් ඉල්ලාගෙන පස්සෙන් ඇවිත්.. මංගල ගැන නොකී කතාවක් ගෝඨා හෙළිකරයි – වීඩියෝ සහිතයි

2015 ජනාධිපතිවරණය කැදවීම සති දෙකකට පෙර, මහින්ද රාජපක්ෂ මහතාට සහය දීම සදහා ඇමතිකමක් ලබා දෙන්නැයි ඉල්ලමින් මංගල සමරවීර අමාත්‍යවරයා ඔහුගේ ළගම හිතවතෙකු තමන් හමුවීමට එවූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

විදේශ කටයුතු හා නීතිය පිළිබද අමාත්‍ය ධුරය ඔහු ඉල්ලා සිටි බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එයට එකග නොවූ බැවින්, මංගල සමරවීර මහතා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව කටයුතු කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

ඒ මහතා මේ බව සදහන් කළේ බදුල්ලේ පැවති ‘වියත්මග‘ සම්මන්ත්‍රණය අමතමිනි.

එවක රාජපක්ෂ ආණ්ඩුවේ සිටි විශ්වාසවන්තම පුද්ගලයා තමන් යැයි සලකා, ඇමතිකමක් ඉල්ලාගෙන ආ මංගල සමරවීර ඇමතිවරයා අද, දූෂිතම හා භයානකම රාජ්‍ය නිලධාරියා යැයි කියමින් තමන්ට චෝදනා කරන බවත් කියා සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා, මංගල සමරවීර ඇමතිවරයා තමන්ට නොයෙකුත් චෝදනා එල්ල කරමින් සිටින්නේ තමන් බලයට ඒයැයි බියෙන් බවද සදහන් කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/sinhala.adaderana.lk/videos/1875622325815807/?t=10″ width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොරියාවේදී හිටපු ජනපති මහින්දට ඉහළ පිළිගැනීමක් (Video)

colombotoday

සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපතිගෙන් කල ඉල්ලිම

colombotoday

සියලු මගීන් කටුනායකින් ඇතුලු වීම නවත්වයි.

colombotoday

” මේ රට ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි “

colombotoday

සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩ වර්ජනයක

Admin

විදුලි බිල අඩුකරන්නැයි ඉල්ලා සජිත්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin