Colombo Today Local News

අනියම් බිරිඳ සමග බහින්බස් වූ 71 පෙම්වතා ගිනි තබා ගනී

සිය අනියම් බිරිඳ සමග බහින්බස් වූ අයකු එම නිවසේදී සිරුරට ගිනි තබා ගෙන මියගොස් තිබෙනවා.

උදැසන කාලයේ මෙම ගිනි තබාගැනීම සිදුවී ඇති අතර සිද්ධියෙන් මරුමුවට පත්ව ඇත්තේ 71 හැවිරිදි තලාහේන පාර, මාලඹේ, පදිංචිකරුවෙක්.

මෙම තැනැත්තා නිතර බීමතින් පැමිණ සිය අනියම් බිරිඳ සමග ගැටුම් ඇති කර ගන්නා අයකු බව මුල්ලේරියාව පොලීසිය පවසනවා.

තලංගම හදිසි මරණ පරීක්ෂක පේ‍්‍රමලතා අබේවර්ධන මහත්මිය විසින් සිදු කළ මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ අනියම් බිරිඳ විසින් මොහුට ති‍්‍රරෝද රථයක් මිලට ගැනීමට රුපියල් ලක්ෂ දෙකක් දී ඇති බවයි.

නමුත් එම මුදල මදි බව පවසමින් තවත් රුපියල් ලක්ෂයක් ඔහු ඉල්ලා ඇති අතර පසුව නිවසේ තිබූ භූමිතෙල් සිරුරට වත්කරගෙන ඔහු සිරුරට ගිනි තබා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අවට පිරිස පැමිණ ගින්න නිවා දැමීමට උත්සහ කළද එය සාර්ථක වී නැති අතර මරණ පරීක්ෂකවරිය සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ අතර මුල්ලේරියාව පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

colombotoday

ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට ඉදිරිපත් වන්නැයි, එ.ජා.ස. ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

colombotoday

පාර්ලිමේන්තු වට රවුම අසල ඇලේ නාඳුනන පුද්ගල මළ සිරුරක්

colombotoday

මැරුණු කොටින්ට වන්දි ගෙවන යෝජනාව : සංශෝධනය කර ක්‍රියාත්මක කළ හැකියි

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

colombotoday

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin