Colombo Today Local News

රට යළි විවෘත වන විට ඡන්දය තියන්න පුළුවන්. මැතිවරණ සිතියම හැකිලීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීමක්. – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

කොරෝනා වෛරස රෝගය පාලනයත් සමග රට යළි විවෘත වන විට මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම ද උදාවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මැතිවරණයක් පැවැත්වීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරුවීමක් බවත් මැතිවරණ සිතියම හැකිලීම රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් අහිමිවීමක් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.

හෙතෙම මේබැව් පැවසූවේ ඊයේ (24දා) උදෑසන විද්‍යුත් මාධ්‍ය සමග පැවැති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ ද පැවසීය.

රාජ්‍ය සේවයේ පළමු නිලධාරියා ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් මහමැතිවරණය පැවැත්වීමට අදාළ රටේ සෞඛ්‍ය වාතාවරණය පිළිබඳව මගෙන් ලිඛිතව විමසීමක් කළා.

ඒ සඳහා රටේ පවතින සෞඛ්‍ය පසුබිම පිළිබඳව මා තොරතුරු දැනුම් දුන්නා. එය සිදුකළේ දේශපාලන කෝණයකින් බලා නොවෙයි.

රට යළි විවෘත වුවත් කොරෝනා රෝග අවදානම අඩු වන්නේ නැහැ. එනිසා වෙනදා මෙන් නොව අප එදිනෙදා කටයුතු කරන විට රෝග පාලනයට අදාළ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. ඒ සඳහා නිරෝධායන නීති තදින්ම ක‍්‍රියාත්මක කළ යුතුයි.

කොරෝනා දෙවැනි රැල්ලක් ආවොත් භයානකයි.

කොරෝනා වෛරස රෝගය පාලනයත් සමග රට යළි විවෘත කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි. එබැවින් ඒ සඳහා බලපෑම් නොකරන ලෙස ඇතැම් දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අනුගමනය කරන්නේ සෞඛ්‍ය අංශ ලබා දෙන මාර්ගෝපදේශයන්. එසේ තිබියදී ඇතැම් දේශපාලඥයින් රටේ විවිධ අංශ කඩිනමින් විවෘත කරන ලෙස බලපෑම් කරනවා. රාජ්‍ය සේවකයින් ලෙස එය අපට දැඩි පීඩනයකි.

රාජ්‍ය නිලධාරියකු ලෙස වසර තිහක පමණ සේවා කාලයේදී කටයුතු කළේ ස්වාධීනවයි. දේශපාලන පක්ෂවල අවශ්‍යතා අනුව සෞඛ්‍ය තීන්දු තීරණ ගත්තේ නැහැ.

Related posts

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ ‌යෙදුණු මුස්ලිම් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

colombotoday

ජනාධිපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙක් කූඩුවට

colombotoday

50,000/-ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් මහ උළු ගෙට

colombotoday

ණය අර්බුදයේ තරම කැබිනට් තීරණයෙන් තහවුරු වේ.. අධික පොලියට තවත් ණය ගනී !

colombotoday

ලක්ෂ 1500ක් ලැබුණු තහනම් කෙරූ බැංකු ගිණුම ඇමති මලික් සමරවික්‍රමගේ

colombotoday

IOC තවත් බාල ඉන්ධන තොගයක් ගෙන්වයි.. පළමු පරීක්ෂණයෙන් අසමත්

colombotoday