Colombo Today Local News

ජනාධිපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙක් කූඩුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරය තුළ අසුන් ගන්නා පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් මස 9 වන දා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීම සඳහා අසුන් ගන්නා ප්‍රධාන පුටුවේ රැඳෙමින් කතාබස් කරන අයුරු මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ජාලා විසින් ද ප්‍රචාරය කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධ විමර්ශන පැවැත්වූ පොලිසිය ඉකුත් 2 වන දා දහවල් කාලයේදී සැකකරු දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපතිවරයා රැඳුණු පුටුවේ සැකකරු රැඳී සිටියදී සෙසු පුටුවල සිටින පුද්ගලයන් හඳුනා ගැනීමට ද මෙම විමර්ශන සිදු කෙරේ.

සමන්පුරගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකුණයි

colombotoday

පිළියන්දල මාළු ව්‍යාපාරිකයෙකුටත් කොරෝනා

colombotoday

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය ගැන කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

පොරොන්දු පරිදි 7ට පෙර නිදහස් නොකළොත් නොකා නොබී මැරෙන බව කොටි සිරකරුවෝ ජනපතිට දන්වයි

colombotoday

බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ කතක් ඇතුළු දෙකක් මාට්ටු

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන මරා දාලා

Admin