Colombo Today Local News

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන මරා දාලා

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක්ව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (12) දහවල් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ දුම්රිය නිවාස, රත්මලාන ලිපිනයේ පිහිටි නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී තුවාල ලැබු පුද්ගලයෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

එහිදී ගල්කිස්ස පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 41ක් වූ බියගහ, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු තාවකාලිකව දුම්රිය නිවාසවල පදිංචිව සිට ඇත.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් දුම්රිය දෙපාර්තමේන්තු සේවකයාට පිහියෙන් ඇන ඇති බව පොලිසිය පවසයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මාතර වෙරළ තීරයේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙක් මරුට

Admin

“රට උගසට තබා මහින්ද ලස්සන ගෙයක් හැදුවා.. රට බේරාගන්නේ අපියි” – ඇමති චම්පික

colombotoday

ට්‍රැමඩෝල් මත්පෙති විසිපන්දාහක් සමග අයෙක් අම්පාරේදී අත්අඩංගුවට !

colombotoday

ලාබ බෝතලේට කොක්කක්

Admin

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

colombotoday

පාර්ලිමේන්තුව හෙට කැදවනවා…

colombotoday