Colombo Today Local News

ලක්ෂ 1500ක් ලැබුණු තහනම් කෙරූ බැංකු ගිණුම ඇමති මලික් සමරවික්‍රමගේ

ප්‍රධාන පෙළේ කැබිනට් ඇමැතිවරයෙකුට අයත් පුද්ගලික බැංකු ගිණුමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවීමේ නියෝග මත අත් හිටුවා පරීක්ෂණ ආරම්භ කර ඇති බව අද (2) සවස වෙබ් මාධ්‍ය වාර්තා පළකර තිබුනා. ඒ අමාත්‍යවරයා මලික් සමරවික්‍රම බව මේ වන විට වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර තිබෙනවා.

එම පුවත් වාර්තාවන්ට අනුව පසුගියදා අදාළ ඇමැතිවරයාගේ ගිණුමට රුපියල් ලක්ෂ 1500 ක් බැර වී තිබී ඇති අතර එම බැර කිරීම කර ඇත්තේ විදෙස් ගත මුස්ලිම් ජාතිකයෙකු විසිනි.

මේ රුපියල් ලක්ෂ 1500 ලැබුණේ කුමන කාරණයකටද? බැර කිරීම කළ අය සමග කරන ලද ගණුදෙනුව කුමක්ද? ආදී විස්තර කිසිවක් පිළිගත හැකි ආකාරයකට හෙළිදරව් කිරීමට දෙපාර්ශවයම අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම තාවකාලිකව අත් හිටුවා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉහත කී රුපියල් ලක්ෂ 1500 ක මුදල බැර වන විටත් ඇමැතිවරයාට අයත් ඒ ගිණුමේ රු. ලක්ෂ 4000 ක මුදලක් ඉතිරිව තිබී ඇත. ඒ සියළු මුදල් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ලැබුණු මුදල් ය.

Related posts

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් වැසේ

colombotoday

රජයේ යෝජනාවලට එකග නෑ.. GMOA නැවතත් රතු එළි දල්වයි !

colombotoday

“සුව සැරිය” ගිලන් රථ සේවය පුළුල් කෙරේ.. ගිලන්රථ 209 අලුතින් එක්වේ

colombotoday

කුඩු අංජුගේ දේපළ CIDයට පවරාගනී

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

අගමැතිට තදබල අපලයක්.. දකුණු ඉන්දියාවේ කෝවිලක මහා පූජාවක් !

colombotoday