Colombo Today Local News

පොලීසියට අල්ලසක් ලබා දීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

කළුතර උතුර ප්‍රදේශයේ දී වල්ලපට්ටා තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මුදාගැනීම සඳහා අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර, දියගම ප්‍රදේශයේ දී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 200 ක් සමග සැකකරුවෙකු කළුතර උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු කලවාන, ගල්කැටියගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගෙන කළුතර උතුර පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු මුදාහැරීම සඳහා වෙනත් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට රුපියල් 25,000 ක අල්ලසක් ලබාදීමට උත්සාහ දරා ඇත.

එහිදී එම පුද්ගලයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කළුතර දකුණ, ගාලු පාර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා අද (15)දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කාන්තා ජේලර් නයෝමි ප්‍රියදර්ශනී වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර දමයි.. මිගමුව බන්ධනාගාරයෙන් තවදුරටත් දුරකථන හමුවේ

colombotoday

ජර්මන් පුරාවිද්‍යාඥයින් සමග ඒකාබද්ධව පබළුගල විශේෂ කැනීමක්

colombotoday

බොර තෙල් මිල පහළට

Admin

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

වඳ වූ බවට පරිසරවේදීන් සිතා සිටි ශ්‍රී ලංකාවේ කළු කොටියා යළි මතුවෙයි.

colombotoday

ඇමති විමල් වීරවංශ ස්වයං නිරෝධායනයට

colombotoday