Colombo Today Local News

ඇමති විමල් වීරවංශ ස්වයං නිරෝධායනයට

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දින 14ක කාලයක් සඳහා ස්වයං නිරෝධායනය ට යොමුව තිබේ.

නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් විමල් වීරවංශ මහතා සඳහන් කර ඇත්තේ, තමාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් කොවිඩ් ආසාදිත වී ඇති බවය.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයෙක් ලෙස තමා ද නිරෝධායනය වීමට තීරණය කළ බව ද එම සටහනේ දැක්වේ.

එමෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයේ තමාගේ අමාත්‍ය කාර්යාලය විෂබීජහරණය කර දින 14ක් වසා තැබෙන බව ද විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යාංශයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර, හැකිතාක් දුරස්ථ ක්‍රමවේද මඟින් කටයුතු කරන ලෙසත් විමල් වීරවංශ මහතා දැනුම් දෙයි.

විමල් වීරවංශ මහතා තැබු සටහන පහතින් දැක්වේ.

Related posts

යුරෝපා සංචාරය නිමා කර ජනපති යළි දිවයිනට

Admin

ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්දලු.

colombotoday

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර හදිසි හමුවක් !

colombotoday

“මුදල් ඇමති ආයෙත් පාර්ලිමේන්තුව ඇන්දුවා.. අල්ලගෙන තඩිබාන්න ඕනෑ” – අනුර දිසානායක

colombotoday

මුල් පියවර දේශීය යාන්ත්‍රණය සැකසීමයි.. අනිත්වා ඉන් පසුවයි.. ලංකාවේ දියුණුව පුදුමයි ! – බිස්වාල්

colombotoday

අධිවේගී මගීන් ප්‍රවාහන බස් ගාස්තු 10%කින් පහළට

Admin