Colombo Today Local News

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේස්වෙස්ටන් හා රදැල්ල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා අද (16) උදෑසන වනවිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වු විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (15) සවස මෙසේ පිලිපැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවති බව පාලක මැදිරිය සඳහන් කරයි.

පිලිපැනීමට ලක් වු සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි පිලිගත කිරීමේ කටයුතු අද අලුයම 3.40 පමණ වනවිට අවසන් කිරීමට හැකි වු බවද පාලක මැදිරිය පවසයි.

Related posts

මැති සබේ ජල-විදුලි වියදම කෝටි 8 ක්

colombotoday

ගාලු මුවදොර අරගලය සාමය බිඳවැටීමකට හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් – කොටුව පොලිසියෙන් අධිකරණයට වාර්තාවක්

colombotoday

විදුලි ඒකකයක් රු. 17ක් වැඩි මිලකට අරන්

colombotoday

අර්ජුනගේ ගේ හදන්න අමාත්‍යංශයෙන් ලක්‍ෂ 39ක්

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

CCTV : නත්තල් නිවාඩුවට ඥාති නිවසකට පැමිණි තරුණයෙකුට ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් අමානුෂික ලෙස පහර දෙයි.

colombotoday