Colombo Today Local News

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දී තිබේ.

ඒ අනුව හෙට (04) දින පස්වරු 7 සිට පසුදින (05 ඉරිදා) පෙරවරු 5. 00 දක්වා පැය 10ක කාලයක් සඳහා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, අවශ්‍යතා පරිදි ජලය රැස්කර තබාගන්නා ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දෙයි.

Related posts

‘ලිච්ඡවී ල අද හිටියනම් සියදිවි නසාගනී“… රනිල්ගේ ලිච්ඡවී පාලනයට මෛත්‍රීගෙන් දරුණු ප්‍රහාරයක්

colombotoday

පොල් ගෙඩි 36ක් සොරාගත් දෙදෙනෙකුට ලක්ෂ 4ක ශරීර ඇප !

colombotoday

මීළඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ – සුබ්‍රමිනියම් ස්වාමිගෙන් අනාවැකියක්

colombotoday

බීට්, ලයිට්, නාද රාටා ඇති හෝන් හයිකර ඇති වාහන පොලිස්භාරයට ගන්නවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

colombotoday

ජාතිවාදය අවුස්සන සියල්ලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි

colombotoday

බදුල්ලේදී මගී ප්‍රවාහන බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි

Admin