Colombo Today Local News

ජාතිවාදය අවුස්සන සියල්ලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි

ජාතීන් අතර අසමගිය ඇතිවන වෛරී ප‍්‍රකාශ කරන සියලූ දෙනාට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතු බව ජාතික හෙල උරුමය පවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

රට තුළ ඇති සාමකාමී නිදහස් පරිසරය ව්‍යාකූල කිරීම සඳහා ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ වෛරී ප‍්‍රකාශ කරන කවර පුද්ගලයෙකුට වුවද නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතුය. එමෙන්ම නීතිය සැමට සාධාරණව කි‍්‍රයාත්මක වන බවද බැලූ බැල්මට පෙනී යායුතුය.

එක් පාර්ශවයක් කරන වෛරී ප‍්‍රකාශ, අසමගිය ඇතිවන ප‍්‍රකාශ හා ආවේගාත්මක කරුණු පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් නීතිය හා විධානය කි‍්‍රයාත්මක කිරීමටත් ඒ ආකාරයෙන්ම සමානව ප‍්‍රකාශ නිකුත් කරන වෙනත් පුද්ගලයන්ට හා පාර්ශවයන්ට විශේෂයෙන් නීතිය අඩුවෙන් කි‍්‍රයාත්මක වීමක් සිදුවිය යුතු නැත. පසුගිය කාලයේ රටතුළ ජාතික හා ආගමික ස්වරූපයෙන් කෙරෙන ප‍්‍රකාශ හා කරුණු දැක්වීම් වලදී නීතිය සමානව කි‍්‍රයාත්මක නොවන බව ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන කරුණකි. නීතිය හා විධානය උතුරට ද දකුණට ද නැගෙනහිරට ද බටහිරට ද එකසමානව කි‍්‍රයාක්මක විය යුතුය.

නීතියට පිටින් කි‍්‍රයාත්මක වන අවිනීතික කි‍්‍රයා බොහෝමයක් පසුගිය කාලයේ වාර්තා වී ඇත. ඒවා සම්බන්ධයෙන් බෞද්ධ සංවිධාන හා පරිසර සංවිධාන හා ජනතා සංවිධාන ඉස්මතු කරන කාරණා ආණ්ඩුවේ වගකිව යුත්තන් අහක බලාගෙන සිටින හෝ නිහඩ ප‍්‍රතිපත්තින් අනුගමනය කිරීම මේ අවේගකාරී ව්‍යාකූල තත්ත්වය ඇතිවීමට හේතු වී ඇති අතර ප‍්‍රශ්න නිරාකරණය කිරීමට කඩිනමින් පියවර නොගැනීමත් අදාළ ආයතන හා ප‍්‍රශ්නයට මැදිහත්වන පාර්ශවකරුවන් සමග සාකච්ඡුා කර පිළිගත හැකි විසඳුමකට නොපැමිණ කල්මැරීම මෙම තත්ත්වය හේතු වී ඇත.

අදාළ ආයතන හා නීතිය හා සාමය ආරක්ෂා කිරීම සම්බන්ධ බලධාරින් නිසි පරිදි කි‍්‍රයාත්මක නොවී ප‍්‍රශ්නය මතු කරන පාර්ශව අන්තවාදීන්, ජාතීවාදින් හා ජාතික අසමගිය ඇතිකරන්නන් ලෙස හංවඩු ගැසීම මෙයට පිළිතුරක් නොවන අතර මෙම සිද්ධින් ඇති වීමට හේතු පාදක වන කරුණු සොයාබලා ඒවාට කඩිනමින් පිළියම් යෙදීමට කටයුතු කළ යුතු බව අප අවධාරණය කරන්නෙමු.

ජාතික අසමගිය ඇතිවන ආකාරයෙන් ප‍්‍රකාශ පසුගිය කාලයේ උතුරු පළාතෙන් කොතෙකුත් අසන්නට ලැබුණත් ඒ සම්බන්ධයෙන් ගත් නීතිමය පියවරක් නම් නොවීය. උසාවි නියෝග පවා කඩකරමින් පසුගිය දා වෙල්ලමුල්ල වෛයිකාල්හි සමරු වැඩසටහන් පැවැත් වූ අතර නීතිය කි‍්‍රයාත්මක වූ බවක් පෙනෙන්නට නොවීය. මේ රටේ බහුතර ජනතාව අදහන ආගමේ ශාස්තෘවරයාණන්ට අවමන් වන ආකාරයේ ප‍්‍රකාශ හා මුද්‍රණ කටයුතු සිදුවන අතර බෞද්ධයන්ගේ අධ්‍යාත්මයන්ට පහර වදින අන්‍යාගමික වෛරී ප‍්‍රකාශ ද කොතෙකුත් සිදුවන මුත් ඒ සම්බන්ධව නීතිය කි‍්‍රයාත්මක වන්නේ නැත. බලහාත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ දැමීම නිති වීරෝධි ජනාවාසකරණයන් සම්බන්ධව නීතිය සමානව කි‍්‍රයාත්මක වන බවක් දැකගත නොහැක.

සෑම පුද්ගලයෙක්ම රටේ නීතියට අවනත විය යුතු අතර එය අභියෝගයට ලක් කරන්නේ නම් නීතිය හා විදානය දැඩිව කි‍්‍රයාත්මක කළ යුතු වන්නේය. කිසිදු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක්, පහරදීමක් අප අනුමත නොකරන අතර එවැනි දේ සිදුකරන අයට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුය.

මේ අවස්ථාවේ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ වෛරී ප‍්‍රකාශ කරන්නන් සම්බන්ධයෙන් නීතිය සැමට සාධාරණව කි‍්‍රයාත්මක වන්නේද යන්න සම්බන්ධව අප විමසිල්ලෙන් සහ අවධානයෙන් සිටින බවද නීතිය සැමට කි‍්‍රයාත්මක නොවන්නේ නම් නීතිය පිළිබඳ විශ්වාසය බහුතර ජනතාව තුළ බිඳ වැටෙන බවද අවධාරණය කරන අතර නීතිය වල්වැදීමට ඇති වී ඇති තත්ත්වය හේතු වී ඇති බවද වගකීමෙන් ප‍්‍රකාශ කරන්නෙමු.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
ජාතික සංවිධායක
ජාතික හෙල උරුමය

Related posts

බේරුවල මව සහ බිළිඳා කොළඹ යවා, වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

colombotoday

කිරිපිටි කියා නවසීලන්තයෙන් ගෙන්වන්නේ රසායනික කුඩක්… ඌරු තෙල්, කටු පොල් තෙලුත් අඩංගුයි…

colombotoday

ඇමරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

colombotoday

වත්තලට – ජාඇලට පොලිස් ඇදිරි නීතිය

colombotoday

පැතිරී යන කොවිඩ් 19 වසංගතය ගැන සතුටුවන IS නායකයා සතුරන්ට උපරිමයෙන් ප්‍රහාර එල්ල කරන්න සිය අනුගාමිකයින් දැනුවත් කරයි

colombotoday

“ජන.8 විප්ලවයට වැඩියෙන්ම දායකවූයේ මුස්ලිම්වරුන්.. මා මුස්ලිම් අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා” – රාජිත

colombotoday