Colombo Today Local News

CCTV : නත්තල් නිවාඩුවට ඥාති නිවසකට පැමිණි තරුණයෙකුට ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් අමානුෂික ලෙස පහර දෙයි.

අවිස්සාවේල්ල සිට හැටන් දික්ඔය පොඩයිස් වතු යායේ ඥාති නිවසකට (25) දින අලුයම පැමිණි තරුණයෙකුට හැටන් නගරයේ ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් විසින් පහර දි එම තරුණයාව ත්‍රිරෝද රථයේ නංවාගෙන ගොස් යලි පහර දි ත්‍රිරෝද රථයෙන් එලියට ඇද දමා ගොස් ඇත.

(25) දින අලුයම 5.30 ට පමණ මෙම පහර දිම සිදු වි ඇත්තේ හැටන් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදිය.

අවිස්සාවේල්ල සිට බස් රථයකින් හැටන් නගර දක්වා පැමිණ ඇති එම තරුණයා හදිසියේ තම ඥාති නිවසට ගොස් (25) දිනම එම තරුණයා සේවය කරන අවිස්සාවේල්ල ප්‍රදේශයට යාමේ අරමුණින් හැටන් නගරයට පැමිණ හැටන් නගර සිට පොඩයිස් වතු යාය දක්වා කුලි ත්‍රිරෝද රථයක් රැගෙන ගොස් ඇත්තේ රු 600 පොරොන්දු කුලි රථ මුදලකටය.

එම ත්‍රිරෝද රථයෙන් ඥාති නිවසට ගොස් ආපසු හැටන් නගරයට පැමිණි පොරොන්දු වු කුලි මුදල රියදුරාට ලබාදෙන අවස්තාවේ ත්‍රිරෝද රථයේ රියදුරා රු 600 මුදල ප්‍රමාණවත් නොවන බවත්, ඒ සදහා රු 1800 මුදලක් ඉල්ලා ඇත.

එම මුදල ලබා නොදිම නිසා ත්‍රිරෝද රථයේ රියදුරා සහ ඒ අසල සිට තවත් ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් එක්ව එම තරුණයාට පහර දි ත්‍රිරෝද රථයේ බලහත්කාරෙන් නංවාගෙන ගොස් ඇත.

මෙම පහර දිම සම්බන්ධයෙන් හැටන් පොලිසියේ උසස් නිලධාරියෙකුගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ හැටන් නගරයේ නිතියානුකුල නොවන ආකාරයෙන් අලුයම් කාලයේ ත්‍රිරෝද රථ රියදුරන් කිහිප දෙනෙකු එක්ව අදාල තරුණයාට පහරදිම සිදු කර ඇති බවයි.

පහර කැමට ලක් වු තරුණයා පැමිණිල්ලක් කිරිමට පොලිසිය වෙත පැමිණියද එම පැමිණිල්ල නොකල නිසා ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කිරිමට නොහැකි බවයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

ලියාපදිංචි ඉස්‌ලාමීය සංවිධාන 436 යි. පල්ලි 2599 යි. ලියාපදිංචි නොකල පල්ලි 967යි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

colombotoday

විමල්ගේ දියණියට සමාජජාලාවලින් පීඩා.. ලමාරක්ෂක අධිකාරියට පැමිණිළි කරයි

colombotoday

අයි.ඕ.සි ලිහිසි තෙල් ලිටරයක මිල රු 140 කින් ඉහලට

colombotoday

වතුකම්කරු වැටුප 50 කින් ඉහළ දමනවා – නවීන් දිසානායක

colombotoday

රට තුළ මහ ආර්ථික අර්බූධයක්.. එදාවේල කන්නෙත් ණයට අරන්

colombotoday

කරාබු යුවළ කොල්ල කන්න නිවසේ තනිව සිටි කතක් මරා දාලා

colombotoday