World

ඉන්දීය නිදහස් දිනය සැමරේ

ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් දිනය අදට (15) යෙදී තිබේ.

ජාතික නිදහස් දිනය සමරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රතු කොටුවේ සිට අද උදෑසන ජාතික ඇමතූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සඳහා යුධ, ගුවන්, නාවික භට පිරිසක් සහ දිල්ලියේ පොලිස් නිළධාරින් කණ්ඩායම් යොදවා ඇත.

පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඉන්දීයාවේ නිදහස් දින සැමරුම සිදුකර ඇති බව වාර්තා වේ.

නිදහස් දින සැමරුම සඳහා යුධ, ගුවන්, නාවික සහ පොලිස් නිළධාරින්ගේ උත්තමාචාර පෙළපාලි පැවති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

එන්නත්කරනය ගැන බයිඩන්ගෙන් ප්‍රතිඥාවක්

colombotoday

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday

වසර 15කට පසු තායිලන්තයට ආ හිටපු අගමැතිට වසර අටක සිර දඬුවමක්

Admin

මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

Admin

ස්වීඩනයටත් ට්‍රක් රථ ප්‍රහාරයක් !

colombotoday

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

colombotoday