Colombo Today Local News

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි නසා ගනී

කළුතර උතුර පොලිස් සිරමැදියේ සිටි සැකකරුවෙක් සියදිවි හානි කර ගෙන තිබේ.

පොලීසිය පවසා සිටියේ, ඔහු මත්ද්‍රව්‍ය සිද්ධියක් මත අත්අඩංගුවට ගත් සැකකරුවෙක් බවය.

එසේ සියදිවි හානි කර ගෙන ඇත්තේ, 32 හැවිරිදි කළුතර උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

ඊයේ (13)දින උදෑසන මෙය සිදුව ඇති අතර, සිරමැදිරියේ තිබු පැඳුරක පටිය කපා ඉවත් කර ඒ ආධාරයෙන් සියදිවි හානි කර ගෙන ඇතැයි වාර්තා වේ.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිට ඇති මෙම පුද්ගලයා ගෙවල් බිඳුම් 4කට ද සොරකමකට ද මහාධිකරණයේ නඩු 14ක් ඇති අයෙකි.

එයින් මත්ද්‍රව්‍ය නඩු 9ක් පවතින බවත් විවාහක බිරිඳ මේ වන විට ඔහු හැර ගොස් ඇතැයි ද වාර්තා වේ.

මහෙස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ (13)දින රාත්‍රියේ කළුතර උතුර පොලිස් ස්ථානයේ දී සිදුකර තිබේ.

Related posts

මත් පෙති 3000ක් ප්‍රවාහනය කළ සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

colombotoday

අයගම නායයෑමෙන් අතුරුදන්වූවන්ගෙන් අයෙක් බේරා ගනී

colombotoday

ශ්‍රීලනිපයේ ඉන්නේ මහ ලේකම්වරු නෙවෙයි ‘මහ කේලම්වරුයි‘ – මහින්දානන්දගේ සහයට ආ ඩිලාන්ගෙන් දුමින්දට අමරවීරට ප්‍රහාරයක්

colombotoday

ජනපතිගෙන් කැකිල්ලේ තීන්දුවක්.. වාසිය සහෝදර සමාගමට !!

colombotoday

නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin