Colombo Today Local News

කුරුණෑගල නගරාධිපති ගේ පෙත්සම – විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි

බුවනෙකබා රජ සමයට අයත් බවට සැලකෙන කුරුණෑගල පෞරාණික රාජ සභා ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් අද (14)දින අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයාට නොවැම්බර් මස 12 වනදා දක්වා කල් ලබා දුනේය.

පෙත්සම් ඉදිරිපත් කළ කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ කඩා ඉවත් කළ බව කියන ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් පුරාවිද්‍යා පනත යටතේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර නොමැති බවය.

එබැවින් තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීතිමය වශයෙන් බල ශූන්‍ය නියෝගයක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව, කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Related posts

සතුන් සමග ලිංගිකව එක්වීමටත් ඉඩ දෙනවාද? සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වාගෙන් අසයි

colombotoday

සමෘද්ධියේ සතපහකට අත තියන්නේ නෑ – මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ කියයි

Admin

එක්ස්ප්‍රස් පර්ල් නැව ඇදගෙන යාම නවතා දමයි.

colombotoday

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමට

Admin

මීගමුව බන්ධනාගාරය ගැන අනාවරණයක්

colombotoday

පල්ලියේදී ගව මස් කෑ දහසක් ලෙඩ වෙති.. තිදෙනෙක් මරුට.. අම්පාරේ රෝහල් පිරෙයි !

colombotoday