Colombo Today Local News

ජනපති කතානායක අද (29) හමුවී කතා කල දේ

රට තුල උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ජනාධිපතිතුමා සහ කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම යෝග්‍ය බවට අද (29) දින පාර්ලිමේන්තුවේ දී පාර්ශව ගණනාවක් සහ පක්ෂ නායකවරු විසින් ද පලකරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් කථනායකතුමා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිතුමන් හමුවී සාකච්ඡාවක නිරත වී ඇත.

සෑම අංශයකින්ම රට තුල අස්ථාවර තත්වයක් ඇතිවෙමින් පවතින බවත්, විශේෂයෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තයේ බිදවැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු වන බැවින්, අවිනිශ්චිත තත්වයට ඉක්මන් විසදුමක් ලබාදීම කල යුතු බව කථානායකතුමා පෙන්වා දෙනු ලැබූ බව කතානායක මාධ්‍ය අංශය සඳහන් කර සිටියි. මෙහිදි කථානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ජනාධිපතිතුමන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් පල වූ බවත්, විසදුමකට එළ‍‍ඹීමෙහිලා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්ය භාරයද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වූ බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කතානායක මාධ්‍ය අංශය සඳහන් කර සිටියි.

හෙට (30) දින පස්වරුවෙහි විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් සමඟ ද වෙන වෙනම සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලබන බවට මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිතුමන් එකඟවූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Related posts

වසරේ හොඳම විහිළුව රනිල්ගෙන් වසර 05ටම ඩොලර් 33යි ණය ඩොලර් බිලියන 07යි.. උදය ගම්මන්පිල රනිල්ගේ රෙදි ගලවයි

colombotoday

මුලතිව්, කුරුන්තූර්මලෙයි පුරාවිද්‍යා කැණීමකට දෙමළ මහජන පෙරමුණේ විරෝධය.

colombotoday

ව්‍යවස්ථා නිර්දේශ ප්‍රසංශනීයයි.. ෆෙඩරල් නෑ.. අනාගමික නෑ.. පරාජිතයින් බොරු බිල්ලෙක් මවනව – JHU

colombotoday

තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

colombotoday