Colombo Today Local News

ජනපති කතානායක අද (29) හමුවී කතා කල දේ

රට තුල උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ජනාධිපතිතුමා සහ කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම යෝග්‍ය බවට අද (29) දින පාර්ලිමේන්තුවේ දී පාර්ශව ගණනාවක් සහ පක්ෂ නායකවරු විසින් ද පලකරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් කථනායකතුමා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිතුමන් හමුවී සාකච්ඡාවක නිරත වී ඇත.

සෑම අංශයකින්ම රට තුල අස්ථාවර තත්වයක් ඇතිවෙමින් පවතින බවත්, විශේෂයෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තයේ බිදවැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු වන බැවින්, අවිනිශ්චිත තත්වයට ඉක්මන් විසදුමක් ලබාදීම කල යුතු බව කථානායකතුමා පෙන්වා දෙනු ලැබූ බව කතානායක මාධ්‍ය අංශය සඳහන් කර සිටියි. මෙහිදි කථානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ජනාධිපතිතුමන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් පල වූ බවත්, විසදුමකට එළ‍‍ඹීමෙහිලා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්ය භාරයද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වූ බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කතානායක මාධ්‍ය අංශය සඳහන් කර සිටියි.

හෙට (30) දින පස්වරුවෙහි විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් සමඟ ද වෙන වෙනම සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලබන බවට මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිතුමන් එකඟවූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Related posts

මාධ්‍යවේදී ලසන්ත මරා වසර 15යි… ඝාතකයන් තවමත් නිදැල්ලේ

Admin

බුදුන් වහන්සේට නිගා කළ තව්හිද් ජමාත්ට එරෙහි නඩුව අද කැදවයි

colombotoday

ගංවතුර බැස යයි.. වංසගත එයි! ප්‍රවේශම්වන්න

colombotoday

කපා දැමූ විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත රණවිරුවෝ මහපාරට

colombotoday

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

colombotoday

ජල පහරකට හසුවූ දස හැවිරිදි සිසුවෙක් අතුරුදන්

Admin