Colombo Today Local News

“යහපාලනය” ගැන පාරම්බාන දඹර අමිල හිමි රාජ්‍ය මුදල් වංචාවක

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් අවභාවිත කළ බවට චෝදනාකරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ(29) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය.

එහිදී සාක්ෂි ලබාදෙමින් සමාගමේ මූල්‍ය පාලක ලෙස කටයුතු කළ මුදිත තමානගම පැවසුවේ, 2015 වසරෙන් පසුව භික්ෂු වේශධාරී දඹර අමිල හිමිට මසකට රුපියල් අනූ පන් දහසක මුදලක් ලිට්ට්‍රෝ සමාගමේ රහස්‍ය ගිණුමකින් ලබා දීමට කටයුතු කළ බවයි.

අදාළ නඩුව අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

අද දිනයේ ලිට්‍රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලක ලෙස කටයුතු කළ මුදිත තමානගම මහතා සාක්ෂි ලබා දුන්නේය

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මතු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු කියා සිටියේ 2015 වසරෙන් පසුව දඹර අමිල හිමිට ප්‍රවාහන දීමනාවක් ලෙස මාසිකව රුපියල් එක්ලක්ෂ විසිපන්දහස බැගින් ගෙවීමට සමාගමේ පාලනාධිකාරියෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බවයි.

එයට තමා විරුද්ධ වූ බවත්, ඉන් පසුව මසකට රුපියල් අනූපන්දහසක් බැගින් සමාගමට අයත් රහස් ගිණුමකින් ගෙවීමට පියවර ගත් බවත් ඔහු එහිදී සඳහන් කළේය.

තවදුරටත් සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ මේ අයුරින් සමාගමේ සේවකයින් නොවන පුද්ගලයින් 39 දෙනෙකු සඳහා ගෙවීම් සිදුකර ඇති බවයි.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට පැවැත්වෙයි.

Related posts

“රට බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකුණන්න බෑ. ශීතකරණත් ඕනෑ”

Admin

ජාත්‍යන්තරය දිනූ අයෝමය ශුරයාට මිලියන 4.5ක තෑග්ගක්

colombotoday

නව ව්‍යවස්ථාව ගැන අස්ගිරි මහා නාහිමි ජනපති සමග සාකච්ඡාවක් !

colombotoday

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක්

Admin

වරාය නගර පනත සම්මත වුනොත් එක රටක නීති දෙකක් ඇති වෙනවා.. අක්කර සිය ගානක් චීනයට සින්නක්කර වීම යහපාලන රජය වැළැක්වූවා

colombotoday

ඊයේ රාත්‍රියේ කලවානේ 18ක ගෙන් ගත් සියලු පී.සී.ආර් සාම්පල පොසිටිව්.. සතිපොළ වසාදමයි

colombotoday