Colombo Today Local News

ගල්කිස්සේ අතුරු මාර්ගයක වැටී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ ගාලු පාරට සමීප අතුරු මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගෙන තිබේ.

ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම පුද්ගල මළ සිරුර අද පෙරවරුවේ සොයා ගැනිණ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80 ක පුද්ගලයෙකි.

කෙසේ වෙතත් දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර මරණය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර ඊයේ(12) පානදුර බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ මාර්ගයේ වැටී තිබූ පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගැනිණ.

Related posts

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday

නරක්වූ සහල් කිලෝ 75,000ක්‌ පොළොන්නරුවේ ගබඩාවකින් මතුවේ

colombotoday

නැප්තා නැතිව කැලණිතිස්ස ඇනහිටී

Admin

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුනේ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණයි. එය ඔහුට ලැබුණු විශාල අවමානයක්. සුමන්තිරන් කියයි

colombotoday

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතිනවා – රාජිතගෙන් හෙළිදරවූවක්

colombotoday

රට පනින්න ඉන්න අත්තනගල්ලේ නෝනා කෙනෙක් ගැන මහින්ද කියයි

colombotoday