Colombo Today Local News

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුනේ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණයි. එය ඔහුට ලැබුණු විශාල අවමානයක්. සුමන්තිරන් කියයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුනේ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් බවත් එය ඔහුට ලැබුණු විශාල අවමානයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් පැවසීය.

ජාතික ගැටළුවට බලතල බෙදීමකින් යුත් අර්ථවත් විසදුමක් ගෙන ඒම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පෙරාතුවම ඉන්දියාවට දුන් පොරොන්දුව නව රජය මගින් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය සහාය ලබාදෙන බවද හෙතෙම කීය.

කාලීන දේශපාලන තත්වය සම්බන්ධයෙන් ඊයේ (27)යාපනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීය.

ජනාධිපති මැතිවරණයෙන් පසු යාපනයේ සිදුකරන පළමු මාධ්‍ය සාකච්ඡාව මේකයි.ජනාධිපතිවරණයේදී අපේ ජනතාව එක ස්ථාවරයක ඉදලා ඡන්දය දීල තියෙනවා.ජනතාවගේ තීන්දුව නිවැරදි තීන්දුවක්.ඒක තමයි ගතයුතු තීරණය කියලා දෙමළ ජාතික සන්ධානයත් අනුමත කරල තියෙනවා. අනෙත් අය ඡන්දය වර්ජනය කරන්න කීවා. කැමති කෙනෙකුට ඡන්දය දෙන්න කීවා.

තවත් සමහරුන් සිංහල අපේක්ෂකයකුට සහාය දක්වන්න බැහැ කියල අනෙත් පැත්තෙන් එක දෙමළ අපේක්ෂකයකුව පෙන්නුවා. නමුත් දෙමළ ජනතාව මේ මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය පිළිගත් අනුමත කළ ඒ තීරණය පිළිගනිමින් ඡන්දය දීල තිබුණා.

මේ ඡන්ද ක්‍රමය ජාතිකත්වයක් පදනම් වූ ක්‍රමයක් කියලා දකුණේ අය ප්‍රකාශ කරනවා. එය අපිට පිළිගන්න බැහැ. දෙමළ ජනතාව දැනට ජනාධිපතිවරණ තුනකදී පිට පිට හංසයා ලකුණටයි ඡන්දය දුන්නේ. එය රාජපක්ෂවරුන්ට එරෙහිව දුන්න ඡන්දයි.දෙමළ ජනතාව පිට පිට තුන්වතාවක්ම ඡන්දය දුන්නේ එක් සිංහල බෞද්ධ අපේක්ෂකයෙකුටයි. මේ නිසා එය ජාතිකත්වයක් පදනම් කරගත් ඡන්දයක් නෙවෙයි.

අපේ බලාපොරොත්තු පිළිගත් අපේක්ෂකයකුට ඒ ජනතාව ඡන්දය දීල තියෙනවා.ඒ විතරක් නෙවෙයි බහුතර සිංහල ජනතාවක් ද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දීල තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණයි බලයට පත්වුණේ.මෙය ඔහුට ලැබුණු විශාල අවමානයක්. ඔහුට සුළු ජනකොටස්වල විශ්වාසය දිනාගැනීමට නොහැකි වෙලා තියෙන බව පෙනීයනවා. මේ රටේ ජාතික ප්‍රශ්නයක් තියෙනවා.ඒ ප්‍රශ්නය විසදිය යුතුයි කියල නැවතත් මේ මැතිවරණය තුළින්ම අවධාරණය කරල තියෙනවා.

දෙමළ ජනතාව වශයෙන් මේ ආණ්ඩු පෙරළිය අපට කැමති විය නොහැකි පෙරළියක්.මෙය තවත් වැරදි විදිහට යාමට ඉඩදිය නොහැකියි. එවන් වැරදි සිදුවීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය දිනා ගැනීමට ඉඩනොදිය යුතුයි. මේ නිසා ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය වැඩිබලයක් සහිතව පාර්ලිමේන්තුවට තේරී පත්විය යුතුයි. දෙමළ ප්‍රජාවගේ බලය කුමන හේතුවක් මත හෝ අඩුකරගත නොහැකියි. ඒ වෙනුවෙන් දෙමළ ජනතාව උතුරු නැගෙනහිරත් උතුරු නැගෙනහිරට පිටතත් එක්විය විය යුතුයි. අපි කිසිවෙකුටත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙන්න කියල කියල නැහැ. ඒ වගේම කාටත් එක්වෙන්න එපා කියල කියලත් නැහැ. දෙමළ ජනතාව වෙනුවෙන් අප හා එක්වන්න කියල අපි ඒ අයට කියනවා.

සංවර්ධනය තුළින්ම සංහිදියාව ඇතිවෙයි කියල ජනාධිපතිවරයා කියනවා.අපි පිළිගත්තත් නොපිළිගත්තත් සංවර්ධනයට බාධාවක් වෙන්නේ නැහැ.නමුත් සංවර්ධනය තුළින් පමණක් දෙමළ ජනතාවගේ ජාතික ගැටළුවට විසදුම් හිමිනොවන බව ජනාධිපතිවරයාට අපි අවධාරණය කරනවා.

නව රජය හගනු ලබන සෑම නිවැරදි ක්‍රියාමාර්ගයකටම දෙමළ ජාතික සන්ධානය සහාය දක්වනවා.අපි ඒ කිසිදු උත්සහායකට විරුද්ධ වෙන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් අතරමග නවතා ඇති යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමේ උත්සහාය නව නැවතත් ආරම්භ කරන්නේ නම් ඊට දෙමළ ජාතික සන්ධානය විදිහට අපි සහාය දක්වනවා.

ඒ වගේම බලතල බෙදීම අර්ථවත් කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජය ඉන්දියාවට පෙරාතුවම ලබාදුන් පොරොන්දුව ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සහාය දක්වනවා. එමෙන්ම නව රජයේ සෑම උත්සහායක්ම ක්‍රියාමාර්ගයක්ම අධ්‍යයනය කරල ඊට සහාය දක්වන්නේද නැතිද කියල තීරණය කරනවා.

අපේ ප්‍රශ්න ගැන අපි පෙරාතුවම ඉදිරිපත් කරල තියෙනවා.ඒ ගැන බලයට පත් නව රජයද දන්නවා.අපේ මූලික කාරණය ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුම් ගෙන ඒමයි. තවත් බොහෝ කාරණාවන්ට විසදුම් ලබාදිය යුතුයි. බන්ධනාගාර ගතකර සිටින සියලුම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි. අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට යුක්තිය ඉටුකර දියයුතුයි. එසේ අතුරුදන් වූවන්ට සැබවින්ම සිදුවූයේ කුමක්ද වග සොයාදිය යුතුයි. ආරක්ෂක හමුදාව යටතේ තවමත් ඇති සාමාන්‍ය සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට පියවර ගතයුතුයි.

උතුරු නැගෙනහිර දෙමළ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදිය යුතුයි. යුද්ධයෙන් විපතට පත් උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කළ යුතුයි.මේ ආකාරයේ ඇති ප්‍රශ්නවලට නව රජයෙන් විසදුම් බලාපොරොත්තු වෙනවා.ඒ වෙනුවෙන් රජයට අවශ්‍ය සහාය නොමදව ලබාදීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් යැයිද කීය.

Related posts

ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් නියෝජිත පිරිසක් ජනපති හමුවෙති

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී‍ට නිකුත් කල සිතාසිය බල රහිත කරන්නැයි ඉල්ලූ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

එජාපය සමග ජවිපෙත් එකතුවෙයි… ජනපතිට එරෙහිව සදුදා කරන්න යන දේ…

colombotoday

රට වෙනුවෙන් සේවයට නැවත කැදවීමක්… නව ආරක්ෂක ලේකම් සෙන්පති කමල් !

colombotoday

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

colombotoday

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday