World

අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට ගත් ට්‍රම්ප්ගේ තීරණය අත්හිටුවයි

අමෙරිකාව තුළ ඊයේ (12)දින රාත්‍රියේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබූ TikTok තහනම එරට වාණිජ්‍ය දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා තිබේ.

එය ක්‍රියාත්මක කළේ නම් TikTok මෙවලම එරටදී බාගත කිරීම තහනම් වීමට නියමිතව තිබුණි.

අමෙරිකානු වානිජ්‍ය දෙපාර්තමේන්තුව තම තීරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ මෑතකදී ෆිලඩෙල්පියා අධිකරණයක් ලබාදුන් තීන්දුවකි.

එම අධිකරණ තීරණය ලබාදී ඇත්තේ TikTok ග්‍රාහකයින් තිදෙනෙක් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකින් අනතුරුවය. ඔවුන් පවසන්නේ TikTok එරට තහනම් නොකළ යුතු බවය.

එම තීරණය එරට සිටින මිලියන 100ක් පමණ වන TikTok ග්‍රාහකයින්ට සහනයක් බව සඳහන් වේ.

TikTok හිමිකාරීත්වය ඇත්තේ චීනයේ බයිට්ඩාන්ස් නම් සමාගමට ය. එම සමාගම පසුගිය සැප්තැම්බර් මාසයේදී වෝල්මාර්ට් සහ ඔරකල් සමාගම් සමග එකඟතාවයකට එළැඹුණි. ඒ, අමෙරිකාවේ ඇති TikTok වත්කම් TikTok ග්ලෝබල් නම් නව සමාගමක් යටතට පත්කිරීමටයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊට යම් එකඟතාවයක් දැක්වුවද TikTok සමාගම පසුගියදා පැවසුවේ මාස දෙකකින් පමණ එම යෝජනාවට අමෙරිකානු රජයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවය.

TikTok අමෙරිකානු සමාගමකට විකිණිය යුතු බව ජනාධිපති ට්‍රම්ප් ගේ මතය විය.

ඔහු සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ සැමවිටම පවසන්නේ TikTok භාවිත කරනු ලබන තම රටේ පුද්ගලයින්ගේ තොරතුරු චීන රජය ලබාගන්නා බවය.

නමුත් ඒ සඳහා සාක්ෂි නැත. එසේම TikTok සමාගමද එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

Related posts

ලෙබනන් රජයට එරෙහිව ජනතාව විරෝධතාවක

colombotoday

නව වසර උදාවේදී ඩුබායි ගිනි ගනී

colombotoday

සිරදඬුවම් විඳිමින් සිටි හිටපු අගමැති රජිව් ගාන්ධිගේ ඝාතකයින් නිදහස් කරයි

Admin

තායිවානයේ උමං මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමෙන් 34ක් මරුට

colombotoday

ඇමරිකාව කියන්නේ අමූලික බොරු, රුසියානු මිසයිල ඉරානයට වැටුණේ නැහැ – ඉරානය

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

colombotoday