Colombo Today Local NewsCovid 19

කොරෝනා මඬින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක් ලංකාවට

කොරෝනා වයිරසයට එරෙහිව හදිසි සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීමටත් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 128.6 ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමි ව ඇත.
 
 කොරෝනා වයිරසයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ශක්තිමත් හා පුළුල් කිරීමටත් ඊට එරෙහිව කඩිනම් ප්‍රතිචාර දැක්වීමටත් ලෝක බැංකුවෙන් මෙම මූල්‍ය සහනය හිමි වේ.
 
ආ‍ර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට සහාය දීම ද එහි ප්‍රධාන අරමුණකි.
 
කොරෝනා වයිරසයෙන් බැටකන සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙන්ම දුප්පත් රටවලට සහාය දීමේ අරමුණින් ලෝක බැංකුව මූල්‍ය වැඩසටහන් කිහිපයක් ආරම්භ කර ඇත.
 
එහි මුල් අදියර යටතේ දකුණු ආසියාවට මූල්‍ය සහන හිමි ව තිබේ.
 
එම වැඩසටහන යටතේ පාකිස්තානයට ඩොලර් මිලියන 200ක්, ඇෆ්ගනිස්තානයට ඩොලර් මිලියන 100ක් මාලදිවයිනට ඩොලර් මිලියන 7.3ක් සහ ඉන්දියාවට ඩොලර් බිලියනයක් ලබාදීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමි ව තිබේ.
ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 128.6ක මූල්‍ය සහනයක් ලැබෙන්නේ ද ඒ අනුවය.
 
එන්.ඩී.ටීවී ඇසුරිනි  

Related posts

කැලණිවැලියට නව දුම්රියක්..

Admin

5412 ක් යුද හමුදාවෙන් ඉවත්වෙන්න ඉල්ලයි !

colombotoday

පාසල්වල විෂමාචාර නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

Admin

නොබෙල් සාම තෑග්ග ජනපතිගෙන් ගිලිහෙයි !!

colombotoday

සුපිරි කැසිනෝවත් අරන් ජේම්ස් පැකර් නැවත එයි!

colombotoday

ෂර්මිලා රාජපක්ෂ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් නෙරපයි

colombotoday