Colombo Today Local News

අමිත් වීරසිංහ රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඊයේ සහ පෙරේදා ප්‍රදේශ කිහිපයක ඇති වූ කලහකාරි සහ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙනුයි තෙල්දෙණිය ප්‍රදේශයේදී අමිත් වීරසිංහ අත්අඩංගුවට ගනු ලැබුවේ.

මෙම සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් ද පත්කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශේෂ පොලිස් කණ්ඩායම විසින්.

අමිත් වීරසිංහ පසුගිය වසරේ මාර්තු මාසයේ දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ද අත්අඩංගුවට ගැණුනු අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොහුව මහනුවර මහාධිකරණය මගින් ඇප මත මුදා හැරුණේ මාස 07කට පමණ පසුවයි.

Related posts

කොටි වළ දැමූ රත්‍රං හා ආයුධ සෙවූ 4ක් අත්අඩංගුවට..

Admin

අහුන්ගල්ලේදී ත්‍රී රෝද රථ රියදුරකු වෙඩි තැබීමක්

colombotoday

අලුත් අවුරුද්දට අද සිට සතොස හරහා සහන මල්ලක්

colombotoday

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අරක්කු , බියර් ඇතුළු මත්පැන් මිල ගණන් අද සිට ඉහළට

colombotoday

මෝදර මයියා හෙරොයින් සමඟ මාට්ටු

Admin