Colombo Today Local News

මෝදර මයියා හෙරොයින් සමඟ මාට්ටු

හරක් කටා සහ පානදුර සළිදු නමැත්තන් සමග මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් තරංග නැමැත්තාගේ මස්සිනා බව කියන මෝදර මයියා නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු හෙරෝයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂයකට ආසන්න ජාවාරම් මුදල් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් අනුව එගොඩඋයන මෝදර තුඩුව ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබූ හෙරෝයින් ග්‍රැම් හයක් සහ ජාවාරම් මුදල් රුපියල් අනූනව දහසක් භාරයට ගත්බව එගොඩඋයන පොලිසිය පවසයි.

25 හැවිරිදි සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකර ඇත.

Related posts

බෝට්ටුවෙන් ආ තවත් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඇතුල් වෙයි

colombotoday

බැදුම්කර වාර්තාවේ ‘කෑල්ලක් හැංගූ‘ හේතුව ජනපති කියයි

colombotoday

බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

Admin

රංජිත් මද්දුමබණ්ඩාරගේ අභියාචනය කැඳවයි

colombotoday

හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් FCID කැඳවීමේ සූදානමක්

colombotoday

වැඩි මිලට සිමෙන්ති විකුණු ව්‍යාපාරිකයෙකුට වැඩ වරදියි

colombotoday