Colombo Today Local News

කොළඹ ඉඩම සිංගප්පූරුවට විකිණුවේ නෑ… බදු දුන්නා පමණයි !

සිංගප්පූරු සමාගමකට නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් ඉඩම් බදුදීම පමණක් සිදුවන බවත් එම ඉඩම විකිණීමක් සිදුනොවන බවත් අමත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

මහනුවර පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

ප‍්‍රශ්නය- ජාතික සම්පත් විකුණන බවට පැවති ආණ්ඩුවට චෝදනා එල්ල කළ ඔබතුමන්ලා බලයට ඇවිත් ඒ දෙයම සිදුකරන බවට චෝදනාවක් එල්ලවෙනවා.

පිළිතුර – ඒ කතාව සම්පුර්ණයෙන් අසත්‍යයක්. අපි කිසිසේත්ම එවැනි තත්වයකට ඇද වැටෙන්නේ නැහැ. විපක්ෂය ඔවැනි චෝදනාවක් කරන්නේ සිංගප්පූරු සමාගමකට ඉඩමක් බදු දීම සම්බන්ධයෙන්. මෙහිදී ඉඩම විකිණීම සිදුවන්නේ නැහැ.

එම සමාගම එම ඉඩමේ තනන මහල් නිවාස සංකීර්ණයේ නිවාස මිලදී ගන්නේ මෙරට ජනතාවයි. එවැනි තත්වයකදී විදේශිකයන්ට ඉඩම් විකිණීමක් සිදුවන්නේ නැහැ. මෙතැන ඉඩමක් බදු දීමක් මිස හම්බන්තොට වරාය විකුණා දැමීම වැනි දෙයක් සිදුවන්නේ නැහැ.

ඉදිරියේදී ලක්සල ප්‍රතිසංවිධානය කරන බවත් දිවයින පුරා පවතින ලක්සල ප්‍රදර්ශනාගාර 12ම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ස්ථාන බවට පත්කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

“ඉදිරියේදී ලක්සල එය පිහිටවූ අරමුණු සාධනය කිරීමට හැකිවන සේ ප‍්‍රතිසංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී දිවයින පුරා පිහිටි ලක්සල ප‍්‍රදර්ශනාගාර 12 ම ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු, විදේශිය සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත ස්ථාන බවට පත්කළ යුතුව තිබෙනවා.  එහි එක් පියවරක් ලෙස තමයි මහනුවර ලක්සල ප‍්‍රදර්ශනාගාරය නවීකරණය කර විවෘත කරනු ලැබුවේ” යැයි ඔහු සඳහන් කළේය.

Related posts

මහනුවර කඩ සාප්පු අද වැසේ… දුම්රියත් වර්ජනයට සූදානම්…!!

colombotoday

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරුන්ට කැඳවීමක්

Admin

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක්…

colombotoday

අත්අඩංගුවේ සිටින පොඩි ලැසී ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි අධිකරණයෙන් ඉල්ලයි

colombotoday

ළඟම ඔසුසලෙන් බෙහෙත් ගන්න ඇප් එකක්

colombotoday

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin