Colombo Today Local News

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇතිවූ අමතර කොටස් හිඟය සහ මිලදීගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ඉවත් කර තිබූ බස් රථ මෙලෙස අලුත්වැඩියා කර ඇත.

වසර 03කට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස් රථ 400ක් නැවත අලුත්වැඩියා කිරීමට මෙලෙස මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි.

ඒ යටතේ වැඩ නිම කෙරුණු බස් රථ 175 සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 300කට ආසන්නය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශයේ ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් අදාළ අලුත්වැඩියා කටයුතු සිදුකර තිබේ.

මෙම බස්රථ 175න් 15ක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා “සිසු සැරිය” වැඩසටහනට ලබාදීමට නියමිත අතර අනෙක් බස් රථ මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අදාළ ඩිපෝ වෙත භාරදීමට නියමිතය.

Related posts

ආණ්ඩුකාර නියෝගයෙන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසුරුවා හැරේ

colombotoday

ඛනිජ තෙල් තොග ගබඩා සභාපති මොහොමඩ් උවයිස් ට තනතුරෙන් යන්න කියයි

colombotoday

ග්‍රෑන්ඩ්පාස්හී වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක්

Admin

‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා… හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා’

Admin

සුළු වැරදිවලට හා ඇප තැබීමට නොහැකිව බන්ධනාගාරයේ සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්න ජනාධිපතිගෙන් උපදෙස්

colombotoday

ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක්

colombotoday