Colombo Today Local News

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

අක්කරෙයිපත්තුව පාලමු‌නෛයි පොලිස් මාර්ගබාදකය අසල ඇතිවූ සිදුවිමකින් පහරදීමෙන් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු තුවාල ලබා තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (05) රාත්‍රී 10 ත් 11 ත් අතර හිස් වැසුම් නොමැතිව යතුරුපැදිකරුවෙකු අණ නොතකා පොලිස් මාර්ග බාධකය හරහා ගමන් කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

පසුව ලිස්සා ගොස් එම ස්ථානයේ ඇද වැටී අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

එම සිද්ධිය පදනම් කරගෙන එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසින් සහ පොලිසිය අතර ඇති නොසන්සුන්තාවයක් ඇති වී තිබේ.

මේ හේතුව නිසා එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් ද සිදුකර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම අවස්ථාවේ දී ප්‍රදේශවාසින් විසින් පොලීසයට පහරදීමක් සිදුකර ඇති අතර,එම පහර දීමෙන් අක්ක‌රෙයිපත්තුව පොලිස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 10 දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය පවසයි.

Related posts

ඇමති විජේදාසට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්.. කඩිමුඩියේ අත්සන් ගනී !

colombotoday

“චීනයට තව අක්කර 1000ක් දෙනවා.. රට දියුණු කරන්න පෝට් සිටිය නැතිවම බෑ” – අගමැති

colombotoday

මහා මැතිවරණයට හකීම් – බදුර්දීන් එකම පක්ෂයකින් තරඟ කිරීමේ සුදානමක්

colombotoday

ලංකා බැංකුවේ ශාඛා 23ක් වසයි

colombotoday

සෙනසුරාදා සිට අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවිය හැකියි

colombotoday

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා. – ජනපති කියයි

colombotoday