Colombo Today Local News

ඇමති විජේදාසට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්.. කඩිමුඩියේ අත්සන් ගනී !

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

ආණ්ඩු පක්ෂයේම පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේවනවිටත් මැති ඇමතිවරු කිහිප දෙනකු ඒ සඳහා අත්සන් තබා ඇතැයිද එම ආරංචි පවසනවා.

පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ ඇතැම් වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ පවරා ඇති නඩු කඩිනමින් නිම නොකිරීම, හම්බන්තොට වරාය බදු ගිවිසුම විවේචනය කිරීම, ඔහු වෙත එල්ල වවන චෝදනායි.

මේ අතර අද පැවති මාධ්‍ය සාකච්ඡාවදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද විජේදාස රාජපක්ෂ ඇමතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමුහික වගකීම් කඩකර ඇති බවත්, ලබන කැබිනට් හමුවේදී ඒ පිළිබදව සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් සදහන් කර සිටියේය.

Related posts

මොරටුව සිට කොළඹට මංතීරු 6ක මාර්ගයක්

colombotoday

විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට

colombotoday

කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය හිමිවේ.. පෙරටුගාමී පක්‍ෂය අලුත් වෙයි !!

colombotoday

ලංකාව – මාලදිවයින අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට අනුමැතිය

Admin

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් වැඩ වර්ජනයක

colombotoday

මී උණ හේතුවෙන් නාවික හමුදා නිලධාරියෙකු මියයයි.

colombotoday