Colombo Today Local News

රු.25,000 ක අවම දඩ මුදලට කැබිනට් අනුමැතිය.. දඩයට යටත් වන වැරදි මෙන්න

රථ වාහන වැරදි සඳහා රුපියල් 25,000 ක අවම දඩ මුදල අය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම, දුම්රිය මාර්ගයක් හරහා අපරීක්ෂාකාරි ලෙස මෝටර් රථයක් ඇතුලු කිරීම සහ වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය කිරීම යන වැරදි සඳහා මෙම අවම දඩ මුදල ක්‍රියාත්මක වන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.

මේ හැර අධික වේගයෙන් රිය පැදවීම, වමෙන් ඉස්සර කිරීම, නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීම, බාලවයස්කරුවන් විසින් රිය පැදවීම සඳහා අවම දඩ මුදල් රුපියල් 2500ක් දක්වා ඉහළ දමා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

මාස 6 කට වැඩි කාලයක් සිරබාරයේ සිටින නාවික බුද්ධි විරුවන් දෙදෙනෙකුගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට

colombotoday

දුම්රියෙන් තෙල් ඇද්ද භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනෙක් මාට්ටු

Admin

[Video] බොදු බල සේනාව ජනපති හමුවී ඉල්ලුවේ මොනවාද?

colombotoday

පෞද්ගලික ආයතවලින් ඡන්දයට නිවාඩු දෙන්නේ නැතිනම් අපිට කියන්න – කැෆේ කියයි

colombotoday

ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්ව වැඩ කරන්න සුදානම් – එජාප නියෝජ්‍ය නායක රුවන් කියයි

colombotoday

කොළඹ නගර සභා 150 උත්සවයේ වියමද කෝටි 7යි

colombotoday